සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

(හේමන්ත තුසිත කුමාර) බ්‍රහස්පතින්දා(22) අලුයම ශ්‍රී ලංකාවට චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගත් ගුවන් යානා දෙකක් පැමිණ ඇත . මේ අතර ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත්…
(හේමන්ත තුසිත කුමාර)
බ්‍රහස්පතින්දා(22) අලුයම ශ්‍රී ලංකාවට චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගත් ගුවන් යානා දෙකක් පැමිණ ඇත .
මේ අතර ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් මෙරටට ලැබීමට නියමිතව ඇත. ඉන් ලක්ෂ 16ක් පරිත්‍යාගයක් වන අතර අනෙක් ලක්ෂ 20 මෙරට විසින් මිලදී ගනු ලැබූ ඒවා වේ. අද ලැබුණු එන්නත් තොගය හෙට දිනයේ සිට එන්නත්කරණය සඳහා පහත පරිදි දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.
ඒ අනුව
දැන්වීම
කුරුණෑගල දිස්ත්‍රික්කය – මාත්‍රා 400,000
මාතර දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000
බදුල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000
රත්නපුර දිස්ත්‍රික්කය- මාත්‍රා 200,000
ගාල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 275,000
හම්බන්තොට දිස්ත්‍රික්කය- මාත්‍රා 125,000
පුත්තලම දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000
පොළොන්නරුව දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000
නුවරඑළිය දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
මොනරාගල දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
අම්පාර දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
මඩකලපුව දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000 ක් වශයෙන් අදාළ දිස්ත්‍රික්ක වෙත ලබා දෙනු ඇත.