සයිටම් සිසුන්ගේ ලියාපදිංචිය 30 වෙනිදා අවසන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීම මේ මස 30 වෙනිදායින් අවසන් බව එහි පාලන අධිකාරිය පවසයි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය…
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීම මේ මස 30 වෙනිදායින් අවසන් බව එහි පාලන අධිකාරිය පවසයි.
මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගනු ලබන්නේ වෛද්‍යෙව්දී උපාධි පාඨමාලාව හැදැරීමට සුදුසුකම් තිබෙන සයිටම් සිසුන් පමණක් වන අතර මේ මස 30 වැනි දා යින් පසුව ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන කරන බව එහි පාලන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව ලියාපදිංචිවීමට කැමති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි නීතිරීතිවලට හා කොන්දේසි වලට යටත්විය යුතු අතර අදාළ ගාස්තු ගොවිය යුතු බවද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
මේ වන විට සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගෙන් පිරිසක් පමණක් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ ලියාපදිංචි වී සිටින අතර වැඩි සිසුන් පිරිසක් තවමත් ලියාපදිංචිය ලබාගෙන නැතැයි පැවසේ.
තවද ශිෂ්‍යත්ව පදනම යටතේ සයිටම් ද්‍යෛ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන්ටද මුදල් ගෙවා කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සිදුවී ඇති බැවින්ඇ එම දරුවන්ගේ දෙමාපියන්ද බරපතල ගැටළුවකට ලක්ව ඇතැයි ද එම සිසුන්ගේ දෙමාපියෝ පවසති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1