අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම තවම බඳවා ගෙන නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම තවම බඳවා ගෙන නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

හෙද, වෛද්‍ය රසායනගාර, ඖෂධවේදී ආදී සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට පේරදෙණිය, කොළඹ, ජපුර, නැගෙනහිර, යාපනය යන විශ්වවිද්‍යාලවල 2025 ජනවාරි බදවා ගැනිම සිදු කළත් රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම එනම් 2023…

හෙද, වෛද්‍ය රසායනගාර, ඖෂධවේදී ආදී සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට පේරදෙණිය, කොළඹ, ජපුර, නැගෙනහිර, යාපනය යන විශ්වවිද්‍යාලවල 2025 ජනවාරි බදවා ගැනිම සිදු කළත් රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම එනම් 2023 උසස්පෙළ කළ දරුවන් බඳවා ගෙන නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිසුන් 10053ක් සිටියත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසු ආචාර්ය වන්නේ සිසුන් 10ට 1ක් බවත් 105ක් සිටිය යුතු තැන අනුමත කාර්ය මණ්ඩලය 43ක් සිටියත් ඉන් 26ක් කාර්ය ඉටු කරන බවත් හෙද ක්ෂේත්‍රයේ 663ක් සිසුන් සිටියත් අධ්‍යයන කාර්ය මණ්ඩලය 66ක් සිටිය යුතු තැන 10ක් පමණක් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල හිගතා ගැන කතා කරන විට ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර ක්ෂේත්‍රයේ සේවක හිගයක්, හෙද හිගයක් ආදී මානව සම්පත් හිගතා ඇති බවත් විශ්වවිද්‍යාල 6න් 5ක බදවා ගැනීම කළත් රුහුණු විශ්වවිද්‍යාලයේ තවමත් බදවා ගෙන නැති බවත් දරුවන් 250ක් බදවා ගන්නා තුරු සිටිනා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කොන්ත්‍රාත් පදනමින් හෝ අධ්‍යයන අනධ්‍යයන සේවකයන් බදවා ගෙන මේ දරුවන්ගේ අධ්‍යාපනයට පහසුකම් සලසන ලෙසත් පශ්චාත් උපාධිය සඳහා සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යයන කණ්ඩායම් විදේශ ගත වී ඇති නමුත් ඔවුන් නැවත එන්නේ නැති නිසා මේ ගැනත් සොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න