සම සමාජය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා…
ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
මෙසේ ඉවත් වීමට තීන්දුවක් ගෙන ඇත්තේ උත්තර ලංකා සභාගය සමාජවාදී මාවතෙන් ඔබ්බට ගොස් ධනපති ක්‍රමයට අනුගත වීම නිසා බව සම සමාජ පක්‍ෂය පවසයි.
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය උත්තර ලංකා සභාවේ සෙසු දේශපාලන පක්ෂයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1