අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

සමාජ සබදතා පවත්වා ගනිමින් වෙන්ව සිටින්නෙ කෙසේද ?

සමාජ සබදතා පවත්වා ගනිමින් වෙන්ව සිටින්නෙ කෙසේද ?

How to separate yourself from others,while still getting the social support American Psychological Association (APA) දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සීමිත සම්පත් එක්ක නිවසට කොටු වී සිටින විට මානසික…

How to separate yourself from others,while still getting the social support

American Psychological Association (APA)

සමාජ සබදතා පවත්වා ගනිමින් වෙන්ව සිටින්නෙ කෙසේද ?

දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සීමිත සම්පත් එක්ක නිවසට කොටු වී සිටින විට මානසික සෞඛ්‍යය ට එය බලපාන බව පුදුමයක් නෙවෙයි. පවුල් ගැටුම් පවා වැඩිවෙලා කියල පැමිණිලි එනව. මානසිකව බලපාන විධි කිහිපයක් තියෙනව.

1 Cut off daily routine - දෛනික ජීවන රටාව වෙනස් වීම

දැන්වීම


2 Fear & Anxiety - බය හා කාංසාව


3 Depression & Boredom - විෂාදය හා මනෝග්ලානිය


4 Anger,Frustration & Irritability - තරහ,ඉච්ඡාභංගත්වය හා නොරුස්නා ගතිය


APA මනෝවිද්‍යාඥයො කියන විදියට මේව පාලනය කරගන්න සරල වැඩ ටිකක් තියෙනව.ඒ වැඩ ටික කරන්න ඕන ඒව කෙළින්ම කොරෝනා සමයෙදි ඔබේ මානසිකත්වට බලපාන නිසා


1 Limit news consumption to realiable sources - News බලද්දි පිළිගත හැකි ඒව විතරක් බලන්න.ගෙදර අයට පෙන්වන්න.


2 Create & Follow a daily routine - ඔයාලගෙ සාමාන්‍ය දෛනික දින චර්යාව නැති නිසා ගැළපෙන එකක් හදාගන්න හොඳ සෞඛ්‍යය පුරුදු ත් එක්ක.


3 Stay virtually connected with others - මුහුණට මුහුණ ලා කෙරෙන හමුවීම් එපා. ඒත් Phone කෝල් එකක්,වීඩියෝ කෝල් එකක්, මැසේජ් කරන්න. ඒ සබදතා වටිනව.


4 Maintain a healthy lifestyle - සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් තියාගන්න. හොඳ කෑම කන්න,අරක්කු සිගරට් මේ කාලෙ කොහොමත් එපා.පුළුවන් නම් ගෙදර එක්සසයිස් ටිකක් කරන්න හැබැයි ආරක්ෂිතව.


5 Use Psychological strategies - මනෝවිද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරන්න. මේ හිරවෙලා ඉන්න අමුතුම ජීවිතේ නිසා තරහ යන්න,එපාවෙන්න,කළකිරෙන්න පුළුවන්. ඒත් තාර්කිකව හිතන්න. ලෝකේ ගොඩක් රටවල මිනිස්සු මැරෙනව දහස් ගණන්.

ෆිල්ම් එකක් බලන්න,සිංදුවක් අහන්න,පොතක් කියවන්න,ගෙදර අය එක්ක සංවාදෙ යෙදෙන්න,ආදරය කරන්න,මිනිස්සු මොනා කීවත් ඔයා පිරිත්වලට කැමති නම් අහන්න,යාඥා කරන්න,බුදුන් වදින්න,ගෙදර කට්ටිය එකතු වෙලා ෆන් ගේම් එකක් කරන්න.
ඉතිහාසයෙ ඉදල වරින් වර අපි මේ වගේ දේවල්වලට මුහුණ දෙනව.භීෂණ කාල,යුද්,ත්‍රස්තවාදී ප්‍රහාර,ලෙඩ,වසංගත. මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න පිට රටවල් මිනිස්සුන්ගෙ මානසිකත්වය හදන්න වැඩ පිළිවෙලවල් හදනව සිකුරුයි. ඕනි උණොත් අපේ රටවලිනුත් ගෙන්න ගනීවි වුර්තිකයො.අපේ රටේ නායකයො නම් එහෙම කරයිද දන්නෙ නෑ. ඔබේ මානසිකත්වය ඔබ හදාගන්න.

(විශන්ක ගුණවර්ධන) 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න