අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමාජ මාධ්‍ය ජාල තහනමට එරෙහිව ජිනීවා යයි..!

සමාජ මාධ්‍ය ජාල තහනමට එරෙහිව ජිනීවා යයි..!

සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමස්ථ ලංකා යතුරු පදිකරුවන්ගේ සංගමය ජිනීවා හී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම සංගමයේ…

සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමස්ථ ලංකා යතුරු පදිකරුවන්ගේ සංගමය ජිනීවා හී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම සංගමයේ සභාපති චින්තන අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන්වේ.

පසුගිය 7 වනදා උදෑසන සිටශ්‍රී  ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ  ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්මවූ සමාජ ජාල භාවිතා කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුකර ඇති බැවින් අතිගරු ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව සමස්ථ ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය   විසින් ජිනිවා හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කරීම්ට  පියවර ගනු ලැබ තිබේ.  මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කළ බව අපි  එහිදී පෙන්වා දෙන්නෙමු.

දැන්වීම

තහනම තුලින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා කඩ කර ඇති බවට අපි  චෝදනා කරමු.

තෙල්දෙණිය හා රටතුල ඇතිවන ජාතිවාදී සිද්ධීන්වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද අප  එහිදී පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් සමාජ වෙබ් අඩවී තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කන්ඩායම් හට වාසියක් සිදුවූ බවද අප  එහෙදි පෙන්වා දෙයි. මන්ද පරිගණකය පිටුපස සිටි ෆේස්බුක් වීරයන් තහනම නිසා කුපිතවී පාරට බැස්සේය. තවද සමාජ ජාල තහනම් වී තමන් අපහසුතාවට පත් කළ මෙම සම්පුර්ණ සිද්ධියට මුල් වන්නේ මුස්ලිම් පුද්ගලයන් පිරිසක් වීම හේතුවෙන් ජාතිවාදී අදහස් නොතිබුණු ඇතැම් සාමාන්‍ය පුරවැසියන්ගේ සිත් තුලට ද දැන් ජාතිවාදය පැතිර ගොස් තිබෙන බව ද මේ හේතුවෙන් ප්‍රශ්නය විසඳීම කෙසේ වෙතත්, අහක සිටිනා ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් අපි අවධාරණය කර සිටිමු.

මෙවන් සංවේදී ප්‍රශ්න විසදීමට දුප්පත් මිනිස්සුන්ගෙන් දඩ මුදල් ගසා කන නිසා ජනතාව වෛරය කරනා පොලිස් නිලධාරින්ව දේශපාලනඥයින් හා රජය යෙදවීම හේතුවෙන් මෙවන් ප්‍රශ්නයන් නැවත නැවතත් විනාශයන් බවට වර්ධනය වන බව කිව යුතුය.

ජාතිවාදී යැයි සැලකෙනා සිද්ධීන් රටේ ප්‍රධාන ජනමාධ්‍ය තුලින් වාර්තා කිරීම තහනම් කිරීමේ රජයෙ ප්‍රතිපත්තිය නිසා රටේ මහජනතාව සමාජ ජාල හරහා ඒවාවල තොරතුරු සොයා යෑමට සිදුවීමේ තත්වය උපයෝජනයට ගන්නා පිරිස් අසත්‍ය තොරතුරු රටේ ජනතාව අතරට ජනගත කරන බවත්, එකී ප්‍රතිපත්තිය නිසා ඒවා නිවැරදි කිරීමට ප්‍රධාන මාධ්‍යවලට හැකියාවක් නොමැති බවත්, මේ හේතුවෙන් වරද වන්නේ සමාජ ජාල තුලින් නොව දශකයක පමණ සිට පැවතෙන ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය පාලනය කරනා ප්‍රතිපත්තිය තුල බැවින් සමාජ ජාල තහනම යුක්ති සහගත නොවන බව ද අපගේ ස්ථාවරයයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමාජ මාධ්‍ය ජාල තහනමට එරෙහිව ජිනීවා යයි..! | Lanka Newsweek