සමාජ මාධ්‍ය ජාල අවහිරයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

(හේමන්ත තුසිත කුමාර) රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද (09) ලිඛිත පැමිණිල්ලක්…
(හේමන්ත තුසිත කුමාර)
රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද (09) ලිඛිත පැමිණිල්ලක් ගොනු කළේය.
එම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් වග උත්තරකරුව කරනු ලැබ තිබේ.
දැන්වීම
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිසන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් 2018/03/06 දින සිට සමාජ මාධ්‍ය ජාල සීමා කරනු ලැබීමෙන් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1) (අ ) වගන්තිය උල්ලංඝණය කර අති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සිය පැමිණිල්ල මගින් චෝදනා කර සිටියි.
එම ව්‍යවස්ථාවේ 14 (1) වගන්ති ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර වාර්ගික සහ ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකි වුව ද එසේ සීමා කිරීමට තරම් හේතුවක් පැන නැගී නොමැති බව ද එම නිසා 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1) (අ) වගන්ති උල්ලංඝණය කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද රංජිත් විතානගේ මහතා සිය පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.