අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමාජයේ සැබෑ වීරයන් සිටින්නේ සැඟවිලා..!

චීනය අද වගේම එදත් ශ්‍රී ලංකාව සමග සිටියා

(සුජිත් මංගල ද සිල්වා) වාණිජකරණය වූ තරඟකාරී කාර්ය බහුල සමාජයෙහි මිනිසුන් අතර උතුම් මානුෂීය ගුණාංග වියැකෙමින් තිබෙන බවත්, මිනිසුන්ගේ අභිවෘර්ධිය වෙනුවෙන් කැප වන පරාර්ථකාමී උතුම් මිනිසුන් අවධානයෙන්…

(සුජිත් මංගල ද සිල්වා)

වාණිජකරණය වූ තරඟකාරී කාර්ය බහුල සමාජයෙහි මිනිසුන් අතර උතුම් මානුෂීය ගුණාංග වියැකෙමින් තිබෙන බවත්,   මිනිසුන්ගේ අභිවෘර්ධිය වෙනුවෙන් කැප වන පරාර්ථකාමී උතුම් මිනිසුන් අවධානයෙන් ගිලිහෙමින් ඇති බවත්, කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.

උතුම් මිනිසුන් අගය කිරීම  යහපත්  සමාජයක ප්‍රගමනයට හේතු වන වැදගත් කාරණාවක් වන  හෙයින්, පාර්ලිමේන්තුව  වැනි තැනකින් එවන් කටයුක්තක් සඳහා මැදිහත්  වන්නට ලැබීම පිළිබඳව තමා  බෙහෙවින්  සතුටට පත් වන බවත්,  කතානායකවරයා  සදහන් කළේය.

දැන්වීම

කරු  ජයසුරිය මහතා මේ බව පැවසුවේ  පාර්ලිමේන්තුවේ  කමිටු ශාලා අංක 1 හි සුවිශේෂි චරිත 3 ක් ඇගයිම වෙනුවෙන් පැවැති සම්මාන උත්සවයක් අමතමිනි.

මෙලෙස ඇගයීමට පාත්‍ර වූයේ 2015  වසරේ නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් සිය  දිවියට ඇති අවදානම නොතකමින්  ජීවිත රැසක්  බේරා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ලොවපුරා ප්‍රසිද්ධියට පත්  නේපාල ජාතික ලක්ෂ්මී සුන්දර ‍ගෙයින්ජු (Lakshmi Sundar Geinju ) සහ ප්‍රථම වරට එවරස්ට් කදු මුදුන තරණය කළ ශ්‍රී ලාංකික කාන්තාව වූ ජයන්ති කුරුඋතුම්පාල, ඇයගේ   සහයකයා වූ යොහාන් පීරිස් යන මහත්ම  මහත්මින්ය.

මෙහිදී ලක්ෂ්මී සුන්දර ගෙයින්ජු වෙත ආසියානු විරුජන ස්වර්ණ සම්මානය පිරිනැමීම ද සිදුවූ අතර, ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය  සහ යොහාන් පීරිස් මහතා වෙත ද  විශේෂ සම්මාන  පිරිනැමිනි.

මෙහිදී  තවදුරටත්  අදහස් දැක්වූ කරු ජයසුරිය මහතා මෙසේ ද කීය.

2004 වර්ෂයේ දී අප මුහුණ පෑ බිහිසුනු අත්දැකීමක් සුනාමි ව්‍යසනය. එහිදී තිස් දහසකට අධික  මිනිස් ජීවිත සංඛ්‍යාවක් ශ්‍රී  ලංකාවෙන් ද. එක්ලක්ෂ හැත්තෑ හතර දහසකට වැඩි පිරිසක්  ලෝකයෙන්ද ඉතා ශෝකජනක අන්දමින් සමුගත්තා.

එවැනිම බිහිසුනු අත්දැකීමකට 2015 වර්ෂයේදී නේපාලය  මුහුණපෑවා. ඒ අවස්ථාවේදී  නව දහසකට අධික  මිනිස් ජීවිත අහිමි වූ  බවයි  සඳහන්  වන්නේ. එසේම මෙහිදී සිදුවූ දේපල විනාශය ඇස්තමේන්තු කිරීමට නොහැකි  තරම් විශාලයි. මෙවැනි බියකරු  අවස්ථාවලදී පවා නිර්භිතව,මානවහිතවාදීව අසරණ වූවන් බේරා ගැනීමට කැප වන පුද්ගලයින් අප අතර සිටින බව අමතක  නොකළ යුතුයි.

එවන් උතුම් මිනිසුන්  අතරින් ලක්ෂ්මී සුන්දර ගෙයින්ජු වැනි වීරවරයන් අපගේ  අවධානය යොමු වූවත්, අපට මගහැරී යන එවන් විරුවන් විශාල ප්‍රමාණයක් සමාජයේ  සැගව සිටිනු ඇති බවද  සිහි කළ  යුතුයි.

එසේම  මහත් සේ ධෙර්යවන්තව කටයුතු කිරීමේ ගුණය අප දේශයට  අත්‍යවශයෙන්ම තිබිය යුතු ගුණයක්. මේ දේශයේ ධෙර්යෙන් නැගී සිටින්නට එවැනි ගුණාංග මහ ජනයා අතර ප්‍රචලිතවීම අත්‍යාවශයි.ඒ අදහසින් ජයන්ති කුරුඋතුම්පාල නම් වූ වීර කාන්තාවටත්  ඇයගේ සහෘදයාටත් සම්මාන පුද කරන්නට මා විසින් උපදෙස්  දුන්නා.

මෙම විශේෂ සම්මාන  ඇගයීම් උත්සවය පාර්ලිමේන්තුවේ  සංවිධානය කෙරුණේ වීර පොදු ජන පදනම  කථානායක කරු ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.මෙම  වීර පොදු ජන පදනම  නියෝජනය කරමින් එහි උපදේශක හිටපු අමාත්‍ය පී.දයාරත්න, වීර පොදු ජන පදනමේ සභාපති නීතීඥ කසුන් පී. චන්ද්‍රරත්න  යන  අයද  එක්වුහ..

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න