අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සම්බුද්ධ ශාසනයේ සම්ප්‍රදාය සුරැකීමත්, බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් පෙළ ගැසෙමු..!

සජිත් ප්‍රේමදාස

ගරු අධිකරණය කටයුතු කරන්නේ නීතියේ රාමුව මත පිහිටමිනි, අධිකරණයට එම සීමාවන් ඉක්මවිය නොහැක, එහෙත් ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ සමාජ සම්ප්‍රදායන්, සමාජ සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදී වෙමිනි.

දැන්වීම

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දින අධිකරණය වෙත රැගෙන ඒමේදී උන්වහන්සේගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුමක් අන්දවා තිබූ බව අප මාධ්‍ය තුළින් දුටුවෙමු.

විත්තිකරුවකු අධිකරණයට රැගෙන එන විට ඔහුට අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු සිවිල් ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩකඩ ලබා දී තිබේ. එවන් පසුබිමක භික්ෂූන් වහන්සේ නමක් හෝ වෙනත් ආගමික නායකයෙකු, උන්වහන්සේ හෝ පූජකතුමන් නියෝජනය කරන ආගමික ආයතනයේ දැනුවත්භාවයකින් හෝ උන්වහන්සේගේ හෝ පූජකතුමන්ගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසුය. භික්ෂූත්වය හෝ අදාළ වෙනත් ආගමක නිලභාවය පිළිබඳ තීරණය ගත යුත්තේ එම ආගමික ආයතනයයි.

එම නිසා මෙවන් සංවේදී කටයුතුවලදී අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ හෝ වෙනත් ආගමක නම් එහි නායකත්වයේ දැනුවත්භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළයුතු බව ආණ්ඩුවට අප අවධාරණය කර සිටින්නෙමු.

-සජිත් ප්‍රේමදාස-

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සම්බුද්ධ ශාසනයේ සම්ප්‍රදාය සුරැකීමත්, බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් පෙළ ගැසෙමු..! | Lanka Newsweek