අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා

සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා

"සක්වල" සහ "හුස්ම" ට යොද වන සල්ලිවලින් පක්ෂය ශක්තිමත් කරන්නැයි ඇතැමුන් මටත් කියනවා බලය ඇතිදා වගේම නැති දාත් වැඩ කරන්න පුරුදු විය යුතුයි මේ බෙදිල්ල බෙදීම නැති කරන්නයි මේ කතා කියද්දි මට මඩ ගහයි පටු…

"සක්වල" සහ "හුස්ම" ට යොද වන සල්ලිවලින් පක්ෂය ශක්තිමත් කරන්නැයි ඇතැමුන් මටත් කියනවා 

බලය ඇතිදා වගේම නැති දාත් වැඩ කරන්න පුරුදු විය යුතුයි 

මේ බෙදිල්ල බෙදීම නැති කරන්නයි

මේ කතා කියද්දි මට මඩ ගහයි

පටු දේශපාලනයෙන් බැහැර වෙමු

මං ගාව කයිවාරු නැහැ

සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා

"සක්වල" සහ "හුස්ම" වැඩ සටහන්වලට වැය කරන මුදල් පක්ෂය ශක්තිමත් කරන්න යොදා ගන්නැයි ඇතැම් අය කිව්වත් අප සැවොම දේශපාලනයේ සැබෑ අර්ථය කුමක්ද කියා අවබෝධ කර ගත යුතු බවත් දේශපාලනය යනු දේශයට සේවය කිරීම විනා පක්ෂ ප්‍රවර්ධනය කිරීම නොවන බවත් දේශපාලනය පරිනතව කළ යුතු බවත් ආණ්ඩු බලය ලබා ගෙන වැඩ කරනවා සේම විපක්ෂයේ සිට වැඩ කිරීමට ද පුරුදු වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩ සටහනේ 220 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද, මෙවර උසස්පෙළ විභාගයෙන් A3 ක් ලබා අම්පාර දිස්ත්‍රික්කයෙන් 6 වැනියා වූ දියණියකට රුපියල් 25000ක මුදලක් ද පරිත්‍යාග කෙරිණ. 

දැන්වීම

ගෝඨාභ රාජපක්ෂගේ ලක්ෂ 20 ජාතික පාසල් මේ වන විට අහෝසි කර ඇති බවත් එවැනි මෝඩ සංවර්ධන ව්‍යාපෘතිවලින් තොරව ⁣පළාත් සහ ජාතික බෙදීමකින් තොරව සියලු පාසල්වලට එක හා සමාන සැලකිල්ලක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට තමා මේ සිදු කරන සේවාවට මුහුණු පොත හරහා මුදල් ලබා දී සංවිධානාත්මකව මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමා කිසිම අවස්ථාවක මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා නොදුන් බවත් මේ බෙදිල්ලට විරුද්ධ අධ්‍යාපනයේ සදාකාලීක බෙදීමක් පවත්වා ගැනීමට කැමති අය බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

මේ දේශපාලනඥයන් සිංහල පමණයි, දමිළ පමණයි, මුස්ලිම් පමණයි කියා සමාජ බෙදීමක් ඇති කර ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් සිතන්නේ පාසල් දූ දරුවන් සහ රටේ ජනතාව ගැන නොව ජාතිය හෝ ආගම අවුස්සා හරි ඡන්ද මල්ල වැඩි කර ගැනීම ගැන පමණක්  බවත් මේ පටු දේශපාලනය බැහැර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමා අනෙකුත් දේශපාලන නායකයින් වගේ බොරැ පොරොන්දු ලබා නොදෙන බවත් තමා කිසිම අවස්ථාවක ජනතාව රැවැටීම හෝ ඇන්දවීම නොකරන බවත් කරන්න පුලුළුන් දේ කොහොම හරි කරනා බවත් බැරි නම් නොකර සිටිනා බවත් බොරු පොරොන්දු ලබා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 220ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2455ක් වැය කර තිබේ.

සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා | Lanka Newsweek