අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කෙරේ

සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කෙරේ

ඊට අදාළ කමිටුව මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු සහ විදේශ රැකියා…

ඊට අදාළ කමිටුව මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් රැස්වේ  

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම් කර ගෙන පත් කරන ලද කමිටුව සඳුදා (01) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. 

මෙම කමිටුව විසින් මාස තුනක කාලායක් ඇතුළත පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.  රටේ ශ්‍රම බලකායෙන් 60%ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළත් නොවීම සම්බන්ධයෙන්ද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් 60%ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළත් කිරීම සඳහා වන විධිමත් වැඩ පිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවද, ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවද මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

දැන්වීම

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩ සටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. 

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් වූ උපදේශන සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුළත අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.  

මෙම කමිටුව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම් කර ගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කරනු ලැබීය.

මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කර ගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින්  එක්ව සිටියහ.

සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කෙරේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කෙරේ | Lanka Newsweek