අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්

සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්

ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.- සුදත් චන්ද්‍රසේකර පසුගියදා වරකාපොල දම්සෙත මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්‍යයට මුල්ගල තැබීම අවස්ථාවට යුනයිටඩ් යූත්…

ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.- සුදත් චන්ද්‍රසේකර

සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්

පසුගියදා වරකාපොල දම්සෙත මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්‍යයට මුල්ගල තැබීම අවස්ථාවට යුනයිටඩ් යූත් සන්විධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා උත්සව සභාව ඇමතුවේය 
 
එම අවස්ථාවේදී අදහස් දක්වමින් එතුමා පැවසුවේ "බෞද්ධයන් වශයෙන් අද අපට ඉතාම සුවිශේෂි වූ වැදගත් දවසක්. වරකාපොල නගරයට ආසන්නයේ තියෙන මේ සුන්දර ගම්මානයේ දම්සෙන් අසපුවේ අධිපති නැතිනම් හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතා විසින් සිදු කරණු ලබන මෙම විශාල ආගමික හා සමාජ සේවයට දායකවීමට ලැබීම අප සැමගේ භාග්‍යයක් කොට මා සලකනවා. මම නම්  හිතන්නේ  නැහැ වර්තමානයේ කිසිදු අයෙක් තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, තමාගේ පුද්ගලික ඉඩමක පන්සලක්, පල්ලියක් හදයි කියලා. එය අපගේ ජීවිතයේ කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක් ලෙසයි මම සලකන්නේ. මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම අප උදාර පින්කමක් බව සදහන් කළේය.

 තවද ධම්මික පෙරේරා මහතා තමන්ගේ පුද්ගලික ඉඩමේ බෝගසක් රෝපණය කර, බෝධි මඵවක් ඉතාම ලස්සනට සකස් කර. දැන් අපි චෙෙත්‍ය සහ විහාර මන්දිරයට මුල්ගල තබමින් . මේ පිංකම වෙනුවෙන් යුනයිටඩ් යූත් සංවිධානයටත් දායකවීමට අවස්ථාවක ලැබීම ඉතා අගය කොට සලකනවා අතර විශේෂයෙන් සිලිම් ඖෂධ සමාගමේ අධිපති සුමිත් ප්‍රේමරත්න මහතාගේ ධන පරිත්‍යාගය අද අපිට විශාල රුකුලක් ශක්තියක් වූ බවත් පැවසුවේය.
 
වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිතුමා කියා සිටියේ සමාජය දිහා බලනකොට යම්කිසි කණ්ඩායමක් විසින් සමාජ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම වපුරන තත්වයක් උදාවී ඇති බවත්, සිංහල බෞද්ධ පිරිස් පන්සලෙන් ඈත් වෙමින් ඉන්න කාලයක්. ඒක ඉතාම ශෝචනීය තත්වයක්.  මේ අවස්ථාවේදී අද මේ සිදු කරන්නේ එවන් පසුබිමක් තුළ තව තවත් සමාජය පිරීමට ලක් නොවී රැකගැනීමට දරන උත්සාහයක් කියලා මම විශ්වාස කරනවා.  අපි කවුරුත් ශ්‍රී ලාංකිකයො විදියට ජීවත් විය යුතුයි. සෑම ආගමකටම, පුද්ගලයෙකුටම ගරු කළ යුතුයි. නමුත් ඒ සෑම ආගමකම උගන්වන මෛත්‍රියට එරෙහිව සමාජ වෛරය, ක්‍රෝධය පතුරවන පිරිස්  අපි දැඩි ලෙස පිළිකුලෙන් හෙලා දකින බව එතුමා සදහන් කළේය. 

දැන්වීම

 මිට වසර දෙක තුනකට පෙර මෙවැනි කටයුත්තක් කිරීමට නොව එදා දවස ගත කරන්නේ කොහොමද කියන යුගයකයි ජීවත් වුනේ. ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම කඩා වැටිලයි තිබුනේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි දැක්ම නිසයි අද අප සැමට මෙවැනි කටයුතු වලට සහභාගි වෙන්න අවස්ථාව උදාවුනේ. අද මෙතන සිටින ඔබ අවුරුදු දෙකකට කලින් මේ වගේ වෙලාවක ගෑස් පෝලිමක, පැට්‍රෝල් පෝලිමක ඉන්න ඇති. ඒ යුගය ඔබට අමතක වෙයි කියලා මම නම් සිතන්නේ නැහැ. ඉදිරියටත් මෙවැනි කටයුතු වලට දායකවීමට හැකි යුගයක්උඅද කර ගත යුතු බව සුදත්  චන්ද්‍රසේකර මහතා පැවසුවේය.
 
මෙම අවස්ථාවට යුනයිටඩ් යූත් කාන්තා අංශයේ ප්‍රධානි රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි, එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනලඩ් පෙරේරා සහ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ජීවන්ත කුලතුංග සහ ස්ලිම් ඖෂධ සමාගමේ අධිපති සුමිත් ප්‍රේමරත්න යන අය සහභාගි විය.

සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්

සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමස්ත ආර්ථිකයම ගොඩ ගත්තේ රනිල් | Lanka Newsweek