අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා

සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා

එජාපය යළි ඇවිලිලා සාගලයි-අකිලයි මහ සංඝ රත්නයේ උදහසට ලක් වෙලා එජාපය වනසන දුෂ්ඨ බලවේග මෙන්න එජාපයේ රහස් කතා "lankanewsweek" ගන්නා හැටි හොයයි හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නූ ලසන්ත ගුණවර්ධන (සුජිත්…

එජාපය යළි ඇවිලිලා 

සාගලයි-අකිලයි මහ සංඝ රත්නයේ උදහසට ලක් වෙලා

එජාපය වනසන දුෂ්ඨ බලවේග මෙන්න

එජාපයේ රහස් කතා "lankanewsweek" ගන්නා හැටි හොයයි

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නූ ලසන්ත ගුණවර්ධන

සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා

(සුජිත් මංගල ද සිල්වා)  
     

"රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි"  යන ශීර්ෂය යටතේ "lankanewsweek" සිකුරාදා (15) කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ අභ්‍යන්තර කවය (INNER CIRCLE) අතිශය කලබලයට පත්ව සිටියි.

සාගල රත්නායක මහතා ප්‍රධාන සිය අභ්‍යන්තර කවයේ තමාට අතිශය සමීප සහ විශ්වාසවන්ත දෙතුන් දෙනෙකු සමග කොළඹ, 5 වැනි පටුමගේ පිහිටි සිය පුද්ගලික නිවසේදී සිකුරාදා (15) සවස පැවැත්වූ තවත් අතිශය අභ්‍යන්තර සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබෙන්නේ කවුරුත් නොදන්නා මෙම අතිශය රහස් සහ අභ්‍යන්තර තොරතුර එළියට ගියේ කෙසේද යන්න පිළිබඳව වහාම කරුණු සොයා බැලිය යුතු අතර, සුජිත් මංගල ද සිල්වා වන මෙම ලියුම්කරුට සුහදව කතා කර උපක්‍රමික ලෙස ඒ පිළිබඳ කරුණු දැන ගත යුතු බවය.

දැන්වීම

මෙම අතිශය අභ්‍යන්තර තොරතුර "lankanewsweek" වෙත කාන්දුවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සේම සජිත් ප්‍රේමදාස පාර්ශවය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී සැක පළ වී තිබේ. කෙසේ නමුත් "lankanewsweek" සහ මෙම ලියුම්කරු සජිත් ප්‍රේමදාස පාර්ශවය දේශපාලන වශයෙන් විවේචනය කරමින් සිටින තත්ත්වය හමුවේ "lankanewsweek" කණ්ඩායමට සජිත් ප්‍රේමදාස පාර්ශවය සමග අභ්‍යන්තර, රහස් සහ සුහද ගනුදෙනුවක් පැවතීමේ ඉඩකඩක් සහ හැකියාවක් නොමැති බවට ද මේ සාකච්ඡාවේ දී කරුණු මතුව තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිකුරාදා (15) රාත්‍රී 10.50 ට ද, කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන මහතා එදිනම රාත්‍රී 9.300 ට ද මෙම ලියුම්කරුට "WhatsApp" මාර්ගයෙන් කතා කර මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය අදහස් සහ කරුණු දක්වමින් ප්‍රවෘත්තියේ මූලාශ්‍රය සොයා ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදුණහ.

මේ අතර තවත් අතිශය අභ්‍යන්තර තොරතුරකට අදාළව, "එජාපයේ සමරිසි දෙදෙනෙක් නවීන්ට එරෙහිව රනිල්ට ගතු කියති"යන ශීර්ෂය යටතේ "lankanewsweek" සෙනසුරාදා (16) කළ හෙළිදරව්වත් එක්ක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ සමරිසි අභ්‍යන්තර කවය තව තවත් කලබලයට සහ අර්බුදයකට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට එරෙහිව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගතු කියා දේශපාලන වශයෙන් ඔහු යටපත් කිරීමට උත්සහ දරමින් සිටින්නේ යැයි කියන ඒ සමරිසි පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටීමට "lankanewsweek" නම් පියවර ගත් බව මෙහිදී පැහැදිළිව සිහිපත් කළ යුතු වේ.

ඒ කෙසේ නමුත් එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් එම පුවත අභූත, අසත්‍ය සහ පදනම් විරහිත බව හුවා දැක්වීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා තබා ඇති විශේෂ සටහනකින් මේ කියන සමරිසියන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව වක්‍රාකාරයෙන් ඉඟි කෙරෙන අතර එම තත්ත්වයෙන් පැහැදිළි වන්නේ "හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා" සහ "හදිස්සියට කොරොස් කටෙත් අත දාන්න බැහැ" කියන පුරාණ ජනප්‍රවාදවල තිබෙන සත්‍යතාවය බව කිව යුතුය.

ඔහු එම සටහන "UNP II" නමැති "WhatsApp" සමූහය වෙත සෙනසුරාදා (16) සවස 5.46 ට උඩුගත (UPLOAD) කර ඇති අතර එහි "රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දැඩිලෙස පෙනීසිටි නවීන් දිසානායක , පාලිත රංගේ බණ්ඩාර , සාගල රත්නායක සහ අකිල විරාජ් ඇතුළු කණ්ඩාමක් ඉලක්ක කරමින් එල්ල කරමින් ක්‍රියාත්මක මෙම අසත්‍ය ප්‍රචාර වලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතික පක්ෂය තුල ගැටුම් ඇතිබවක් මවා පාමින් පාක්ෂිකයන් තුල පක්ෂය සහ නායකත්වය කෙරෙහි ගොඩනැගී ඇති විශ්වාසය බිදහෙලමින් කටයුතු කිරීමයි." යනුවෙන් සඳහන් වේ.

අතිශය අභ්‍යන්තර සහ රහස් සාකච්ඡාවලට අදාළ මේ තොරතුරු "lankanewsweek" කණ්ඩායම මෙසේ හෙළිදරව් කර සිටින්නේ බලයට පැමිණීමට තිබෙන සියලු මාර්ග එදා සිටම අහුරමින් එක්සත් ජාතික පක්ෂය සහ එම අන්ත අසරණ පාක්ෂිකයින් අනාථ කරමින් පක්ෂය අභ්‍යන්තරයේ සිය බලය සහ පැවැත්ම තහවුරු කර ගැනීමට පමණක් ක්‍රියා කරන දුෂ්ඨ බලවේග හෙළිදරව් කිරීම සඳහාය.

"රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි" සහ "එජාපයේ සමරිසි දෙදෙනෙක් නවීන්ට එරෙහිව රනිල්ට ගතු කියති" යන ශිර්ෂ යටතේ "lankanewsweek" කළ හෙළිදරව්ව අතිශය අගය කළ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයෙන් වහාම ඉවත්ව යා යුතු බවය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් ඔහුගේ පරපුරටත් ඉතාම සමීප සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මේ සුප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර සිටියේ අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක සමග රනිල් වික්‍රමසිංහ මහතාට සේම එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බවය.              

සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා

සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සමරිසි කුමන්ත්‍රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා | Lanka Newsweek