අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමන් අතාවුද ITN මෙහෙයවපු හැටි එජාප පසු පෙළ හෙළි කරයි..!

අගමැතිගේ මාධ්‍ය නිදහස සමන් අතාවුද වනසයි..!

පළාත් පාලන මැතිවරණයේ අවසන් සති තුන රටෙත් ඉදල නැහැ..! (සුමුදු පෙරේරා) රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවල සිදු කළ පෙරළිය හරහා ආණ්ඩුව රටත් ජනතාවත් වෙනුවෙන් කරන සේවය ගැන පුළුල් ප්‍රචාරයක් මීට පස්සෙවත් ජනතාව අතර…

පළාත් පාලන මැතිවරණයේ අවසන් සති තුන රටෙත් ඉදල නැහැ..!

සමන් අතාවුද ITN මෙහෙයවපු හැටි එජාප පසු පෙළ හෙළි කරයි..!

(සුමුදු පෙරේරා)

රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවල සිදු කළ පෙරළිය  හරහා ආණ්ඩුව රටත් ජනතාවත් වෙනුවෙන් කරන සේවය ගැන පුළුල්   ප්‍රචාරයක් මීට පස්සෙවත් ජනතාව අතර  කෙරෙන්න ඕනෑ යැයි සභානායක  ලක්ෂ්මන් කිරිඇල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී තිබේ.

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පසු පෙළ මන්ත්‍රීවරුන් ද එම අදහස අනුමත කර තිබේ.

මේ කරුණු කාරණා මතු වී තිබෙන්නේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූ සාකච්ඡාවකදීය.

එහිදී රාජ්‍ය මාධ්‍ය ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ විවේචනය ඉදිරිපත් කරමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ කීය.

“රාජ්‍ය මාධ්‍ය මේ අවුරුදු තුනේම හිටියේ  මර නින්දේ. ජාතික  රූපවාහිනිය සුළුවෙන් හරි යමක් කළා. එහෙත් ස්වාධීන රුපවාහිනිය සහ ලේක් හවුස් සභාපතිලට තනතුරු දුසිම් භාගයක් විතර තියෙන නිසා ඒ අය  ජනමාධ්‍ය බැලුවේ නෑ.

පළාත් පාලන මැතිවරණය  ප්‍රකාශයට පත් කළ  දවසේ රාත්‍රියේ ස්වාධීන රුපවාහිනියේ  පැය තුනක සංවාදයක් විකාශය කෙරුණා.හැබැයි ඒ වැඩ සටහන  එක්සත් ජාතික පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට කළ සේවය ගැනත් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දින විය යුත්තේ මන්ද යන කාරණය ගැනත් රට ජනතා දැනුම්වත් කළ දේශපාලන සංවාදයක් නොවෙයි.

පුරා පැය තුනක් මුළුල්ලේ ස්වාධීන රුපවාහිනිය එදා සංවාද කළේ ඉතිහාසය පාසල්  විෂය දහරාවෙන් ඉවත් කිරීමට යන බවට ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ  පළවූ පදනම් විරහිත සුළු  ප්‍රවෘත්තියක් ගැනයි.

නාම යෝජනා භාර ගත්  දවසේ ස්වාධීන රුපවාහිනියේ රාත්‍රියේ ස්වාධීන රුපවාහිනියේ විකාශය කෙරුණේ  මලයාලම් සිනමාව ගැන පුරා පැය තුනක  සංවාදයක් බව කවුරුත් දැක්කා.

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ  අන්තිම සති තුනේදී ස්වාධීන රුපවාහිනියේ  සභාපති සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා  රටෙත් හිටියේ  නෑ.

ලේක් හවුස් පත්තර එක තැන පල් වෙනවා. අලුතින් ආරම්භ කළ “රැස” පත්‍රය විකිණෙන්නේ 1000යි ලු.මුද්‍රණය කරන්නේ 3000යි. ලක්ෂ 40 ක් පාඩුයි කියල ආරංචියි.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමන් අතාවුද ITN මෙහෙයවපු හැටි එජාප පසු පෙළ හෙළි කරයි..! | Lanka Newsweek