අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමන් අතාවුදගේ “රියෝ” අයිස් ක්‍රීම් සැණකෙළියෙන් අගමැති අපහසුතාවයට පත් වෙයි..!

සමන් අතාවුදගේ “රියෝ” අයිස් ක්‍රීම් සැණකෙළියෙන් අගමැති අපහසුතාවයට පත් වෙයි..!

යාපනයේ සංචාරයට අගමැතිගෙන් සමන් අතාවුදට විශේෂ අවසරයක් නැහැ..! (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමා ප්‍රතික්ෂේප වී නොමැති අතර තවමත් තමා ඔහුට සමීපව සිටින බව රටට මවා පෑම සඳහා…

යාපනයේ සංචාරයට අගමැතිගෙන් සමන් අතාවුදට විශේෂ අවසරයක් නැහැ..!

සමන් අතාවුදගේ “රියෝ” අයිස් ක්‍රීම් සැණකෙළියෙන් අගමැති අපහසුතාවයට පත් වෙයි..!

(සුමුදු පෙරේරා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමා ප්‍රතික්ෂේප  වී නොමැති අතර  තවමත් තමා ඔහුට සමීපව සිටින බව රටට මවා පෑම සඳහා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සිය නිල “facebook” ගිණුමේ පළ කර ඇති ඡායා රූප පෙළක් සම්බධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණ නියෝජනය කරන තරුණ තරුණියෝ පිරිසක් දැඩි විවේචනයක් එල්ල කරමින් සිටිති.

එම ඡායා රූප පෙළින් දැක් වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) දවස පුරා යාපනයේ සංචාරය කිරීමෙන් අනතුරුව ඔහු සිය කණ්ඩායම සමග  යාපනයේ “රියෝ” අයිස් ක්‍රීම් රස බැලීමට සූදානම් වූ අවස්ථාවය.

ආපදා තත්ත්වය හේතුවෙන් දකුණේ හැත්තෑ දහසක් අවතැන් වී විසි හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටින අවස්ථාවක රටේ අගමැතිවරයා යාපනයේ ගොස් “රියෝ” අයිස් ක්‍රීම් රස බැලීමට සුදානම් වන අවස්ථාව දැක්වෙන ඡායා රූප පෙළක් සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ සිය නිල “facebook” ගිණුමේ පළ කර ප්‍රසිද්ධ කිරීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියෝ පිරිස “lankanewsweek” සමග පැවසූහ.

මේ සිද්ධිය විවේචනයට ලක් කරමින් වෙබ් අඩවි ඇතුළු  සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වන අදහස් අනුව ඒ බව මනාව තහවුරු වන බව පෙන්වා දුන් එම තරුණ තරුණියෝ සමන් අතාවුදහෙට්ටි මහතාගේ මේ වගේ පටු සහ ළඳ බොළඳ ක්‍රියා හේතුවෙන් සිදු වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ජනතාව වැරදි චිත්‍රයක් මවා ගැනීම යැයි ද පෙන්වා දුන්හ.

මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ සිටින සිය  නම හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් දකුණේ හැත්තෑ දහසක් අවතැන් වී විසි හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටින අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  “රියෝ” අයිස් ක්‍රීම් රස විඳීමට සුදානම් වන අවස්ථාව දැක්වෙන මේ ඡායා රූප පෙළ අගමැතිවරයාගේම මාධ්‍ය උපදේශකවරයා සිය නිල “facebook” ගිණුමේ පළ කිරීමෙන් පැහැදිළි වන්නේ මහ පොළවේ පය ගසා නොසිටින උපදේශකයින් වට කර ගත්තාම නායකයකුට අත් වන දරුණු දේශපාලන ඉරණමේ තරම බවය.

යාපනයේ සංචාරය සඳහා එක් වන්න යැයි  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමන් අතාවුදහෙට්ටි මහතාට විශේෂයෙන් ආරාධනා නොකළ බව තහවුරු කළ එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේ තමාත් මේ ගමනට එක් වන්න ද කියා අගමැතිවරයාගෙන් ඇවිටිලි කර අසමින් ඔහු මේ සංචාරයට එක් වූයේ බලෙන්ම බවය.

සමන් අතාවුදගේ “රියෝ” අයිස් ක්‍රීම් සැණකෙළියෙන් අගමැති අපහසුතාවයට පත් වෙයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමන් අතාවුදගේ “රියෝ” අයිස් ක්‍රීම් සැණකෙළියෙන් අගමැති අපහසුතාවයට පත් වෙයි..! | Lanka Newsweek