අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්‍රමසිංහට..!

සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්‍රමසිංහට..!

අරලිය මැදුරේ මාධ්‍ය විගඩම අගමැතිගේ රතු කට්ට පන්නලා..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයේ කටයුතු සම්පූරණයෙන්ම මෙහෙයවීමේ පූර්ණ වගකීම…

අරලිය මැදුරේ මාධ්‍ය විගඩම අගමැතිගේ රතු කට්ට පන්නලා..!

සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්‍රමසිංහට..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයේ කටයුතු සම්පූරණයෙන්ම මෙහෙයවීමේ පූර්ණ වගකීම ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය වෙත පවරා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයකට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර මහතාගේ මැදිහත්වීම මත මේ පියවර ගැනෙන්නේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් එම මාධ්‍ය මෙහෙයුම් රාජකාරිය නිවැරදිව ඉටු නොවන නිසාය.

ඒ අනුව ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය එක්කකයට අනුයුක්ත කෙරෙන්නේ සියලු බලතල ඇතිව සමන් අතාවුදහෙට්ටි මහතාට ඉහළිනි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරිය සහ ටී.එන්.එල්.රුපවාහිනී සේවයේ අධ්‍යක්ෂකවරියක් වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගත්තේ ජනාධිපති ව්‍යාපාරයට අදාළ මාධ්‍ය මෙහෙයුම සමන් අතාවුදහෙට්ටි මහතාට භාර දුන්නොත් මෙවරත් තමාට සිදු වන්නේ පරාජයවීමට බව ඔහුට තේරුම් ගිය නිසා යැයි අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම මාධ්‍ය උපදේශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

මේ අනුව පැහැදිළි වන්නේ සෑම විටම පරාජිත නායකයකු ලෙස සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව ඇත්තේ ඔහු වටා සිටින මලික් සමරවික්‍රම,සාගල රත්නායක,සමන් අතාවුදහෙට්ටි,සැන්ද්‍ර පෙරේරා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ අභ්‍යන්තර කවයේ අයගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බව ඔහු මේ වන විට තේරුම් ගනිමින් සිටින බව යැයි ද එම මාධ්‍ය උපදේශකයා පෙන්වා දුන්නේය.

මේ කණ්ඩායමේ කෙණහිලි,අසාධාරනකම් සහ නොසලකා හැරීම් හමුවේ එක්සත් ජාතික පක්ෂයත්,අගමැතිවරයාත් අත හැර ගිය සුදත් චන්ද්‍රසේකර මහතා හමුවී යළි පක්ෂයට එක් වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරාධනා කළේ ද මේ පසුබිම යටතේ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සමන් අතාවුදහෙට්ටි මහතා මීට පෙර ස්වාධීන රුපවාහිනියේ සභාපති ධූරය දරු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මංගල සමරවීර මහතා ඔහු එම ධූරයෙන් ද පහ කළේ ඔහුගේ අදක්ෂතාවය,දේශපාලන නොදැනුවත්භාවය සහ ඔහුට එරෙහිව එල්ල වූ දුෂණ චෝදනා මතය.

සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්‍රමසිංහට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්‍රමසිංහට..! | Lanka Newsweek