සමගි බලය දුවන්නේ Born Again සල්ලිවලින් -සංඝ රත්නය-

දුරකථනය "Born Again" බළල් අතක් "Born Again" හයියෙන් ඉරාන් පාර්ලිමේන්තු යන හැටි රැකියාවක්-ව්‍යාපාරයක් නොමැතිව සජිත්-ජලනි ජීවත් වන රහස "Jaal Salon" මිල දී ගන්න කෝටි ගණන් සල්ලි කොහෙන්ද..? හරීන් අග…
දුරකථනය "Born Again" බළල් අතක්
"Born Again" හයියෙන් ඉරාන් පාර්ලිමේන්තු යන හැටි
රැකියාවක්-ව්‍යාපාරයක් නොමැතිව සජිත්-ජලනි ජීවත් වන රහස
"Jaal Salon" මිල දී ගන්න කෝටි ගණන් සල්ලි කොහෙන්ද..?
හරීන් අග රදගුරුට අපහස කළ හේතුව
මහාචාර්ය නලින් ද සිල්වාගේ ස්ථාවරය
බෝපිටියේ ධම්මිස්සර නා හිමිගේ අභියෝගය
සිංහල-බෞද්ධයින් කල්පනාවෙන් සිටිය යුතුයි


සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නඩත්තු වන්නේ ද, ඔහු සිය මහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ ද, මූලධර්ම වාදී "Born Again" ක්‍රිස්තියානි රෙජීමයේ සල්ලිවලින් බවට මේ වන විට සාක්කි සාධක සහිතව සියලු තොරතුරු අනාවරණය වී ඇතැයි මහා සංඝ රත්නය චෝදනා කර සිටිති.
දැන්වීම
මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ, සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියෝ මෙසේ පැවසූහ.
"සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නඩත්තු වන්නේ ද, ඔහු සිය මහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ ද, මූලධර්ම වාදී "Born Again" ක්‍රිස්තියානි රෙජීමයේ සල්ලිවලින් බවට මේ වන විට සාක්කි සාධක සහිතව සියලු තොරතුරු අනාවරණය වී තිබෙන බව කිව යුතුයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මැතිනිය "Born Again" ක්‍රිස්තියානි ආගම අදහන්නියක් වන අතර ඇය සිය නමස්කාරය සඳහා නිතර පැමිණෙන්නේ කොළඹ, නාරාහේන්පිට පිහිටි "මහා ජන දේව සභාව" හෙවත් "Peoples Church-Assembly of God" දේවස්ථානයටයි. මෙම පල්ලියේ නිර්මාතෘවරයා වන්නේ ඉරාන් වික්‍රමරත්න මහතාගේ පියා වන අතර උග්‍ර "Born Again" ක්‍රිස්තියානි භක්තියෙක් වන ඉරාන් වික්‍රමරත්න මහතා කලක් එම පල්ලියේ ප්‍රධාන දේවගැතිවරයෙකු ලෙස දේව සේවයේ යෙදී සිටියා. සිය නමස්කාරය සඳහා අදටත් ඔහු එම දේවස්ථානයට පැමිණෙන අතර එම පල්ලියේ පාලක සභාව ද නියෝජනය කරනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සහ "Born Again" ක්‍රිස්තියානිය අතර මුල්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලු කටයුතු සම්බන්ධීකරණය කෙරෙන්නේ උග්‍ර "Born Again" භක්තිකයින් වන ජලනි ප්‍රේමදාස මැතිනිය සහ ඉරාන් වික්‍රමරත්න මහතා මාර්ගයෙනුයි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන කිනම් අයෙකුට පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් නොලැබුණත් ඉරාන් වික්‍රමරත්න මහතාට නියත ලෙසම පාර්ලිමේන්තු වරම හිමි වන අතර ඊට හේතු වී තිබෙන්නේ ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම "Born Again" ක්‍රිස්තියානි රෙජීමයේ අවශ්‍යතාවයක් වන නිසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය "Born Again" ක්‍රිස්තියානි රෙජීමයේ අතකොලුවක් බව පැහැදිළිව කිව යුතු අතර හරීන් ප්‍රනාන්දුලා වැනි අය කිසිදු බියකින්, සැකයකින් සහ ගෞරවයකින් තොරව ඉතා පහත් ලෙස මැල්කම් රංජිත් අග රදගුරු හිමිපාණන් වහන්සේ නිර්දය ලෙස විවේචනය කළේ ද මෙම පසුබිම මතයි.
ජාතික චින්තනය වෙනුවෙන් සිය ජීවිත කාලය පුරාවටම ක්‍රියා කරමින් සිටින, චින්තන පර්ෂදයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සාක්කි සාධක ඇතිව කියා සිටින්නේ ද සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය "Born Again" ක්‍රිස්තියානි රෙජීමයේ ඉත්තෙකු වන අතර සජිත් ප්‍රේමදාසලා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ ද එම රෙජීමයේ බලපෑම මත බවයි.
මේ භයානක සහ අනතුරුදායක තත්ත්වය සැබෑ සිංහල-බෞද්ධ ජනයා හොඳින් තේරුම් ගත යුතු අතර "Born Again" ක්‍රිස්තියානියේ අතකොලුවක් වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සැබෑ සිංහල-බෞද්ධයින්ගේ අයිතීන්, ආරක්ෂාව සහ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරවී ද කියා බුද්ධිමත් ඔබම තීරණය කළ යුතුයි."
මේ අතර මේ සියලු තොරතුරු තහවුරු කර සිටින සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් ප්‍රශ්න කර සිටින්නේ කිසිදු ව්‍යාපාරයක් හෝ රැකියාවක් නොකරන සජිත් ප්‍රේමදාස මහතා ජීවත් වන්නේ සහ රුපියල් කෝටි ගණන් වියදම් කරමින් සමගි ජන බලවේගයේ මහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවය.
ජනාධිපතිවරණය වෙනුවෙන් වූ රුපියල් කෝටි ගණනක ණය සජිත් ප්‍රේමදාස මහතා ගෙව්වා නම් ඒ ණය ගෙවීමට ද, මහා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වියදම් කිරීමට තවත් රුපියල් කෝටි ගණන් මුදල් ද තමාට දුන්නේ කවුරුන්ද, ඒ කුමන පදනමකින්, අවශ්‍යතාවයකින් සහ අරමුණකින්ද යන්න පිළිබඳව ඔහු බහුතර සිංහල-බෞද්ධ ජනතාවට හෙළි කළ යුතු යැයි ද බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ අවධාරණය කළහ.
මහා මැතිවරණයේ දී සිය වටිනා ඡන්දය පාවිච්චි කිරීමේ දී මේ කුප්‍රකට, අදිසි සහ බෞද්ධ විරෝධී බලවේග පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව සැබෑ සිංහල බෞද්ධයින් ඡන්දය පාවිච්චි කිරීමට වග බලා ගත යුතු යැයි ද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ වැඩි දුරටත් අවධාරණය කළහ.
