අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

‘‘සබරගමුව නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’

‘‘සබරගමුව නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’

(සුජිත් මංගල ද සිල්වා ) සබරගමුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට 2018 සිටම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බදවා ගැනීමට සියලු කටයුතු යොදා ඇතැයි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය…

(සුජිත් මංගල ද සිල්වා )

සබරගමුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට 2018 සිටම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බදවා ගැනීමට සියලු කටයුතු යොදා ඇතැයි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන සහ  මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදි යොමු කළ වාචික ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි

 ‘‘අපි සබරගමු විශ්ව විද්‍යාලයේ නව  වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ උසස් පෙළ ප‍්‍රතිඵල අනුව අපි 2018  අවුරුද්දේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  75ක් බඳවා ගනිමින් එම නව වෛද්‍ය පීඨය  ආරම්භ කරනවා.ඒ සඳහා  ඉඩමක් වෙන් කරලා තියෙනවා. අපිට ගොඩනැගිල්ල හදන්න කල් යනවා නම් අපි ස්ථානයක් කුලියට ගෙන  හරි මේ වෛද්‍ය පීඨය  ආරම්භ කරනවා. සබරගමුව විශ්ව විද්‍යාලයට හොඳ උප කුලපතිවරයෙක් හම්බවෙලා ඉන්නවා.ඔහු දැන්   විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හා වෛද්‍ය අංශ එක්ක දේශන හා පාඨමාලා සකස් කර ගෙන යනවා.. කොහොමහරි අවශ්‍ය සියලු කටයුතු සිදු කර මේ අවුරුද්දේ ප‍්‍රතිඵල අනුව ලබන අවුරුද්දේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්  75ක් බඳවා ගෙන  සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය ආරම්භ කරනවා.’’

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
‘‘සබරගමුව නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’ | Lanka Newsweek