අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි

සබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි

සබරගමුව නව ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අඟහරුවාදා (20) උදෑසන දළදා මාළිගවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ශමෝපාලී මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනු නායක පූජ්‍ය…

සබරගමුව නව ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අඟහරුවාදා (20) උදෑසන දළදා මාළිගවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ශමෝපාලී මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනු නායක හිමියන්ද, අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශස්ත්‍රපතී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 

එහිදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සබරගමුව පළාතේ සංවර්ධනය වෙනුවෙන්  ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කළේය.

දැන්වීම

අනතුරුව සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් ද, මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමල ධම්ම නාහිමියන් සහ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි නා හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය .

සබරගමුව පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ එහිදී නවීන් දිසානායක මහතා උන්වහන්සේලා දැනුම්වත් කළේය .

අනතුරුව සවස් කාළයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍යය මකුලෑවේ ශ්‍රී විමල මා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
 

සබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි | Lanka Newsweek