අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳ හිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලට ලඟාවේ

සඳ හිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලට ලඟාවේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 14) උදෑසන තෝලංගමුව රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර අඹේපුස්ස, අලව්ව, පඹදෙණිය,…

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 14) උදෑසන තෝලංගමුව රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර අඹේපුස්ස, අලව්ව, පඹදෙණිය, දම්පැලැස්ස සහ නාරම්මල හරහා ගමන් කර අද සවස කුරුණෑගල ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙන වෙත පැමිණේ. පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.

ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙන වෙත පැමිණිමෙන් පසුව අද දින (අගෝස්තු 14) රාත්‍රී කාලයේදී බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහාද විවෘතව තැබේ. පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳ හිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලට ලඟාවේ | Lanka Newsweek