අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳළුතලයෙන් බිමට බසිනු-සභා නායක ආදර්ශයට ගනු..!

පාර්ලිමේන්තු කාරක සභා මාධ්‍ය ආවරණයටත් මාධ්‍යවේදීන්ට අවස්ථාව..!

වත්මන් සහ අනාගත නායකත්වය විනාශ කිරීමට එජාපෙ “බෝඩිම් කාරයින්ට” ඉඩ නැහැ..! තිලක් මාරපන ගොළු ද..? පරාජයේ තරහව ලක්ෂ්මන් කිරිඇල්ල පිට යැවීමට ජනපතිට ඉඩ දෙන්නේ නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය…

වත්මන් සහ අනාගත නායකත්වය විනාශ කිරීමට එජාපෙ “බෝඩිම් කාරයින්ට” ඉඩ නැහැ..!

තිලක් මාරපන ගොළු ද..?

පරාජයේ තරහව ලක්ෂ්මන් කිරිඇල්ල පිට යැවීමට ජනපතිට ඉඩ දෙන්නේ නැහැ..!

සඳළුතලයෙන් බිමට බසිනු-සභා නායක ආදර්ශයට ගනු..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික හිතවත්කමට ඇමති පට්ටම් ලැබුණු,මහා පොළවේ පය නොගසා සඳළුතලයේ සිහින ලෝකවල ජීවත් වන ඇමතිවරුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආදර්ශයට ගෙන ඔහු අනුගමනය කරමින් වහාම නිවැරදි විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ පැවසීය.

“මේ ඇමති මණ්ඩලයේ ඇඳ,ගොළු,බිහිරි සහ අතපය වාරු නොමැති අය වගේ ක්‍රියා කරන ඇමතිවරුනුත් සිටිනවා.වසර 3 ½ ක් වැඩ නොකර වරප්‍රසාද විතරක් බුක්ති විඳපු ඇමතිවරුන් ඉතිරි කෙටි කාලයේදීත් එසේම ක්‍රියා කිරීමට ලෑස්ති වුණොත් අප ඒ අයට ප්‍රසිද්ධියේම පහර එල්ල කරනවා.ජනතවට,පක්ෂිකයට සහ පසු පෙළ මන්ත්‍රීන් ජනතව වෙනුවෙන් නඟන හඬට ඇහුම්කන් නොදෙන අයට පරිස්සම් වෙන්න වෙයි.

සඳළු තලයේ සිහින ලෝකවල ජීවත් වන අය මහා පොළවට බැහැලා වැඩ නොකොළොත් ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සිදු වන්නේ හොම්බෙන් යන්නයි.අපේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ සභාපතිලා සහ ලේකම්ලා නොමැති අතර අප සියලු දෙනා එකා වගේ ඇප කැප වී ක්‍රියා කරනවා.

නායකතුමා සිය මිත්‍රත්වය මත ඇතැම් මැති ඇමතිවරුන් ළඟින්ම තබා ගෙන කටයුතු කළත් ඒ අය පක්ෂිකයාගෙන් වගේම නායකතුමාගෙන් පවා එක්සත් ජාතික පක්ෂය ඈත් කළා.ඒ නිසා එවැනි අය තවදුරටත් ළඟින්ම තබා ගැනීම නායකතුමාට වගේම පක්ෂයට විශාල හානියක් බව කරුණු කාරණා සහිතව එතුමාට අප පෙන්වා දී තිබෙනවා.

ජාතික ලැයිස්තුවෙන් පිනට ආ අයට ජන දුක,හද ගැස්ම,ජනාතවගේ ප්‍රශ්න සහ අවශ්‍යතා තේරෙන්නේ නැහැ.ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නොවන පිටස්තර මැති ඇමතිවරුන් අපේ පක්ෂය සහ පාක්ෂිකයින් අසරණ කර තිබෙනවා.

වත්මන් පක්ෂ නායකත්වය දියාරු කරමින් අනාගත නායකයින් ද දුර්වල කර ඒ අය විතරක් ඉහළ යන්න දරන උත්සාහය අප පරාජය කරනවා.සියලුම ඇමති ඇමතිවරුන් මේ තත්ත්වය තේරුම් ගෙන වැඩ කිරීම ඒ අයගේ වගේම ආණ්ඩුවේත් දේශපාලන සෞඛ්‍යට හිතකර වේවි.ඉදිරි සියලු මැතිවරණ අප නියත ලෙස ජය ගත යුතු අතර ඒ සඳහා මේ කාලය ඇතුළත රටට සහ පක්ෂිකයට විශාල වශයෙන් වැඩ කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරන මේ කණ්ඩායමේ මලික් සමරවික්‍රම,පාඨලී චම්පික රණවක,තිලක් මාරපන,දොස්තර රාජිත සේනාරත්න,අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිටිනවා.

තිලක් මාරපන ඇමතිවරයා මේ අවුරුදු 3 ½ ට අප සමග වචනයක්වත් කතා කර නොමැති අතර ඔහු ඔහුගේ අමාත්‍යංශයට යනවා ද නැද්ද කියාවත් අප දන්නේ නැහැ.මොහු ඇතුළු සමහර ඇමතිවරුන් රටේ හෝ පක්ෂයේ හෝ අපේ හෝ කිසිම වැඩකට සහභාගී නොවන අතර අපව පිළි ගන්නේ ද නැහැ.මේ අතර අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන ඇමතිවරුන් සිය දුර්වලකම් වේගයෙන් නිවැරදි කර ගනිමින් සිටිනවා.

සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා මහතා මේ ආණ්ඩුවට වගේම එක්සත් ජාතික පක්ෂයට විශාල ජවයක් සහ සම්පතක් බව කිව යුතයි.එතුමා පාක්ෂිකයින් බලා ගත් ඇමතිවරයෙකු වන අතර සභා නායක ලෙස එතුමා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙනුවෙන් තනිවම කරන කාර්යභාරය අති විශිෂ්ඨයි.

මැති ඇමතිවරුන්ට  අදාළ විෂයන් සහ කාර්යභාරයන් බෙදීමේදී   ජනාධිපතිවරයා සිය අති විශේෂ ගැසට් පත්‍රය මගින් ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ තටු කපා දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ නායකත්වය මීට වඩා ඍජු මැදිහත්වීමක් කළ යුතුමයි.

නායකතුමා වටේ සිටින සහ එතුමාවත් පක්ෂයත් විනාශ කරන කිසිවෙකුට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අත් වූ මේ ඉරණම අත් වුණා නම් නායකයාත් පක්ෂයත් මීට වඩා කාර්යක්ෂමව ඊට මැදිහත් වෙනවා.

එම නිසා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සාධාරණය ඉටු කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවර ගත යුතයි.සිය සටන පරජයවීමේ තරහව ලක්ෂ්මන් කිරැල්ල මහතා පිට යැවීමට ජනාධිපතිවරයාට ඉඩ දෙන්න බැහැ.

ඔහුට සාධාරණය ඉටු කිරීමේදී මංගල සමරවීර සහ නවීන් දිසානායක යන මහත්වරුන් ඒ අයගේ සහය ලබා දිය යුතයි.ඒ මන්ද එතුමා සතුව තිබූ සියලු ආයතන,වගකීම් සහ කාර්යභාරයන් බෙදී ගොස් තිබෙන්නේ  ඒ දෙදෙනා අතරයි.

සියලුම මැති ඇමතිවරුන් සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ආදර්ශයට ගෙන අනුගමනය කළ යුතු බව අපේ ස්ථාවරයයි.එසේ නොකර මේ අය තව දුරටත් සඳළු තලයේ සිහින ලෝක්වලම සිටියොත් අය-වැයේදී සිය වැය ශීර්ෂ සම්මත කර ගැනීමට ග්‍රහ ලෝකවලින් මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමට ඒ අයට සිදු වේවි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සඳළුතලයෙන් බිමට බසිනු-සභා නායක ආදර්ශයට ගනු..! | Lanka Newsweek