අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අගෝස්තු 21 කළුතර බෝධිය වෙත වැඩම කෙරේ

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අගෝස්තු 21 කළුතර බෝධිය වෙත වැඩම කෙරේ

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ හෙට (අගෝස්තු 21) දින සවස කළුතර බෝධිය වෙත වැඩම කිරීමට නියමිතය.හෙට (අගෝස්තු 21) උදෑසන පානදුර රන්කොත් විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහැර…


සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ හෙට (අගෝස්තු 21) දින සවස කළුතර බෝධිය වෙත වැඩම කිරීමට නියමිතය.හෙට (අගෝස්තු 21) උදෑසන පානදුර රන්කොත් විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහැර මොරොන්තුඩුව, වාද්දුව සහ වස්කඩුව යන ප්‍රදේශ හරහා කළුතර බෝධි පරිශ්‍රය දක්වා ගමන් කරනු ඇත.

ඒ අනුව, සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ සෙනසුරාදා (අගෝස්තු 21) දින කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇත.රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අගෝස්තු 21 කළුතර බෝධිය වෙත වැඩම කෙරේ | Lanka Newsweek