අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර ගාල්ලට..!

සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර ගාල්ලට..!

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 02) උදෑසන අහුංගල්ල පුලිනතලාරාමයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර බලපිටිය, අම්බලන්ගොඩ, මාදම්පගම,…


සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 02) උදෑසන අහුංගල්ල පුලිනතලාරාමයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර බලපිටිය, අම්බලන්ගොඩ, මාදම්පගම, හික්කඩුව, රත්ගම, ගිංතොට, පියදිගම, ගාල්ල සහ දෙවට හංදිය හරහා ගමන් කර අද සවස ගාල්ල උණවටුන යටගල රාජමහ විහාරය වෙත පැමිණේ.

පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකරනු ඇත.පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථ වාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර ගාල්ලට..! | Lanka Newsweek