අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ කොත්වහන්සේ බදාදා යුදගනාව රජමහා විහාරයට

සඳහිරු සෑයේ කොත්වහන්සේ බදාදා යුදගනාව රජමහා විහාරයට

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 06) දින බුත්තල යුදගනාව රජමහා විහාරය වෙත වැඩමකිරීමට නියමිතයි.මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 05) දින උදෑසන…

 
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 06) දින බුත්තල යුදගනාව රජමහා විහාරය වෙත වැඩමකිරීමට නියමිතයි.මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 05) දින උදෑසන තිස්සමහාරාමය රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කල අතර මහසෙන්පුර පසුකරමින් ගමන් කර අද දින ගමනාන්තය වන කතරගම කිරිවෙහෙර රජමහා විහාරය වෙත පැමිණේ.

පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාස මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ කොත්වහන්සේ බදාදා යුදගනාව රජමහා විහාරයට | Lanka Newsweek