සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා කිරිවෙහෙරට වැඩම කෙරේ

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි. මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 04)…
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.
මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 04) උදෑසන වෙහෙරහේන රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කල අතර දෙවුන්දර, ගංදර, දික්වැල්ල, තංගල්ල, රන්න, හුංගම, හම්බන්තොට සහ වීරවිල හරහා ගමන් කර අද දින ගමනාන්තය වන තිස්සමහාරාමය රජමහා විහාරය වෙත පැමිණේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් පසුගිය ඉරිදා දින සවස මෙම පුජනීය වස්තූන් වැඳ පුදා ගත්හ. පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.
පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.