අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සන්ධාන දේශපාලකයාගේ සොයුරා ගිනි අවි එක්ක මාට්ටු

සන්ධාන දේශපාලකයාගේ සොයුරා ගිනි අවි එක්ක මාට්ටු

(ජයකාන්ත ලියනගේ) කරන්දෙණිය, කොටවෙල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී බෝර 12 තුවක්කු 02 ක්, පෑනක ප‍්‍රමාණයේ විදේශිය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට…

(ජයකාන්ත ලියනගේ)

කරන්දෙණිය, කොටවෙල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී බෝර 12 තුවක්කු 02 ක්, පෑනක ප‍්‍රමාණයේ විදේශිය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ  මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද  (15) ඇල්පිටිය මහේස්ත‍්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

දැන්වීම

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කැටවෙල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ඩොනල්ඞ් කුමාර රණවීර (36) නැමැති අයයි. සැකකරු කරන්දෙණිය ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු උප සභාපතිවරයාගේ සහෝදරයෙකු බවද කරන්දෙණිය පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුව සැකකරුගේ නිවසේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ සොයා ගැනීමට හැකි වී තිබෙන අතර  පසුව සැකකරු සහ  අවි ආයුධ ඉදිරි නීතිමය කටුයුතු සදහා කරන්දෙණිය පොලීසියට බාර දී තිබේ.

පසුගිය කාලයේ දකුණේ සිදුවූ අපරාධ සහ  මිනීමැරුම්වලට සැකකරුගේ සහ  ඔහු සන්තකයේ තිබූ අවි ආයුධවල සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව  වැඩිදුර පොලිස් පරීක්ෂණ පවත් වන බව කරන්දෙණිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය. ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්ව මහතාගේ මෙහෙයවිම මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න ඇල්ගිරියගේ, පොලිස් සැරයන් රණධීර (6021) යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සන්ධාන දේශපාලකයාගේ සොයුරා ගිනි අවි එක්ක මාට්ටු | Lanka Newsweek