සන්ධානය අදත් පාර්ලිමේන්තුවේ වර්ජනය කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මුල්‍ය යෝජනාව නීති විරෝධියිලු..! (සුජිත් මංගල ද සිලිව) පාර්ලිමේන්තු සැසි වාරය තෙවැනි වතාවටත් අද (29) ද වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. එක්සත් ජනතා නිදහස්…
මුල්‍ය යෝජනාව නීති විරෝධියිලු..!
(සුජිත් මංගල ද සිලිව)
පාර්ලිමේන්තු සැසි වාරය තෙවැනි වතාවටත් අද (29) ද වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණඩායම මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ තීරණය ගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇති මූල්‍ය යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම නීති විරෝධී බව කියමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව මුල්‍ය පිළිබඳව එවැනි යෝජනාවක් ඇමතිවරයකු හැරුණු විට මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි බව පෙන්වා දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ කාරණයට අදාළවම අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර අධිකරණයේ විභාග වන කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිසේත් විවාද කළ නොහැකි බව ද පවසයි.
එමෙන්ම මේ පාර්ලිමේන්තු වර්ජනය කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීමක් වන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙන්වා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
