අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සන්ධානයේ ලුණුගම්වෙහෙර ප්‍රබලයෝ 5ක් එජාපෙට එක්වෙති

සන්ධානයේ ලුණුගම්වෙහෙර ප්‍රබලයෝ 5ක් එජාපෙට එක්වෙති

(සුජිත් මංගල ද සිල්වා) ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු , මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයකු හා හිටපු ජනාධිපති මහින්ද…

(සුජිත් මංගල ද සිල්වා)

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු , මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදකයකු  “සදිසි ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.

එහිදී අදහස් දැක්වූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුවන චන්ද්‍රසිරි සිරිවර්ධන මහතා

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සන්වර්ධෙන වැඩසටහනට සහයෝගය දෙන්නට හිටපු මහජන නියෝජිතයෙක් හැටියට මට හැකිවීම පිළිබද ම අද සතුටුවන දවසක්.

 රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමත් ජනාධිපති තුමාගේ කාලයේ නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එදා අගුණකොළවැව ‘සෙත්සිරිගම’  කළ ආකාරය ගැන මගේ සිහියට ආවා. එදා පටන් මේ දක්වා මොන රජය ආවත් ලුණුගම්වෙහෙර හැම සංවර්ධන කටුත්තකටම දායකත්වය හා නයකත්වය ලබා දීමට හැකි වීම ගැන මා සතුටු වෙනවා. මා යු. එන්. පී රජයේ සිට පොදු පෙරමුණ රජයට හෝ පොදු පෙරමුණෙන් යු. එන්.පීයට ගොස් මගේ පුද්ගලික වරප්‍රසාද දිනා ගැනීමට බලාපොරොත්තු වුනේ නෑ. ඉදිරියට බලපොරෝත්තු වන්නෙත් නැහැ. විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස මා අවුරුදු 18ක් කළ රැකියාවක් එදා මා එජාප මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළ නිසා එවකට පැවති රජය මගෙන් අරගෙන වෙනත් කෙනෙකුට දුන්නා. එදා මම ඒ වරප්‍රසාද ලබා දෙන්න කියා ඒ රජයේ නායකයන්ගෙන් ඉල්ලන්න ගියේ නෑ. එසේම මා සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් මගේ වරප්‍රසාද ලබාදෙන්න කියා ඉල්ලන්නෙත් නෑ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සන්ධානයේ ලුණුගම්වෙහෙර ප්‍රබලයෝ 5ක් එජාපෙට එක්වෙති | Lanka Newsweek