සද්ගුරු ශ්‍රී මධුසූදන් සායි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සුව අරණ මධ්‍යස්ථානයේදී අධ්‍යාත්මික සන්ධ්‍යාවක්..!

ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයක් පිළිකා රෝගය සමඟ සටන් වදින දිරිය දරුවන් වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යන 'සුව අරණ'…
ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයක්
පිළිකා රෝගය සමඟ සටන් වදින දිරිය දරුවන් වෙනුවෙන් ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යන 'සුව අරණ' මධ්‍යස්ථානයේදී සද්ගුරු ශ්‍රී මධුසූදන් සායි (Sadguru Sri Madhusudan Sai) තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, අධ්‍යාත්මික සන්ධ්‍යාවක් සිකුරාදා (02) පැවැත්විණි .
ලොව පුරා රටවල් 100ක ක්‍රියාත්මක වන 'එකම ලොවක් - එකම පවුලක්') මෙහෙයුමේ නිර්මාතෘ අධ්‍යාත්මික නායක සද්ගුරු ශ්‍රී මධුසූදන් සායි (Sadguru Sri Madhusudan Sai) තුමන් මෙම වැඩසටහන පැවැත්වූයේ ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ විශේෂ ආරාධනයකට අනුවය.
එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ සෙත් පැතීම, භජන් ගායනා , සද්ගුරු තුමන් සමඟ පැවැත්වූ විශේෂ වැඩසටහන, කරුණාව සහ මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් සංවාදය කාගේත් අවධාණයට ලක්විණ.
දැන්වීම



