අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සතා සීපාවට පවා කරුණාවන්ත විපක්ෂ නායක සජිත් Dog Festival එකටත් එයි

සතා සීපාවට පවා කරුණාවන්ත විපක්ෂ නායක සජිත් Dog Festival එකටත් එයි

මිනිසුන්ගෙ මෙන්ම සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වන නීති පද්ධතියක් ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලින්ට විතරක් නෙමෙයි සජිත් හුරතල් බල්ලන්ටත් ආදරෙයි..! අප රට තුළ සත්ව හිංසනය වර්ධනය…

මිනිසුන්ගෙ මෙන්ම සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වන නීති පද්ධතියක් ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අලින්ට විතරක් නෙමෙයි සජිත් හුරතල් බල්ලන්ටත් ආදරෙයි..!

අප රට තුළ සත්ව හිංසනය වර්ධනය වන අවස්ථාවේ හිංසනය වෙනුවට සත්ව සම්පතට දයාව කරුණාව මෛත්‍රීය නිර්මාණය කරන මිනිසුන්ට මෙන්ම සතුන්ගේත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවදානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොහෝ කාලයක් පුරා සත්ව හිංසනය වළක්වා සත්ව සුබසාධනය ගැන නීතිරීති ගෙන එන බව කිව්වත් එය මෙතෙක් ඉටු නොවූ බැවින් සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වෙන නීති රීති අනපනත් ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය කර සත්ව සුභසාධන වැඩපිළිවෙළ රටේ නීතියක් බවට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Dog Festival 2025 අවස්ථාව හා එක්වෙමිනි.

මිනිසා සහ සතුන් අතර ඇති ගැටුම වළක්වා ගන්නටත් මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත කරන වැදගත් නීති පද්ධතියක් සකස් කරන්න සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න