අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජින් වාස්ගේ ජීප් රථය සීසර්වරුන් උස්සලා

සජින් වාස්ගේ ජීප් රථය සීසර්වරුන් උස්සලා

ලක්ෂ 20ක් ගෙවලා නැහැලු..! කල් බදු (Leasing) ගෙවීම පැහැර හරිමින් සඟවා තබා ගෙන සිටී බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අති සුඛෝපභෝගී ජීප් රථයක් කල් බදු සමාගමක…

ලක්ෂ 20ක් ගෙවලා නැහැලු..!

කල් බදු (Leasing) ගෙවීම පැහැර හරිමින් සඟවා තබා ගෙන සිටී බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අති සුඛෝපභෝගී ජීප් රථයක් කල් බදු සමාගමක "සීසර්වරුන්" විසින් රැගෙන ගොස් ඇත.

රියැදුරකු අදාළ ජීප් රථය පදවා ගෙන යන බවට ලද තොරතුරකට අනුව දෙහිවලදී මෙම ජීප් රථය නවතා සීසර්වරුන් භාරයට ගෙන ඇතැයි හෙළි වී තිබේ.

2021 වසරේ අගෝස්තු මාසයේ සිට රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් ගෙවීම පැහැර හරිමින් ජීප් රථය සඟවමින් තිබියදී සීසර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජින් වාස්ගේ ජීප් රථය සීසර්වරුන් උස්සලා | Lanka Newsweek