සජිතුයි රොෂානුයි ආණ්ඩුව පෙරළන්න ඉන්දියාව එක්ක කුමන්ත්‍රණය කළා ද..?

විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි 225 ම විධායකයේ යකඩ සපත්තුවට යට කරලා ජනපති කියන්නේ "හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ...හොරුන් අල්ලන්න තහනම්" කියලයි හොරකම හෙළි කළ පුද්ගලයා පන්නා හොර රැල රැක්කා…
විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි
225 ම විධායකයේ යකඩ සපත්තුවට යට කරලා
ජනපති කියන්නේ "හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ...හොරුන් අල්ලන්න තහනම්" කියලයි
හොරකම හෙළි කළ පුද්ගලයා පන්නා හොර රැල රැක්කා

ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමේ සිද්ධිය හොරකමට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම එකට එකතු වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වුවත් මේ වන විට එම යෝජනාවට පයින් ගසා හොරකම හෙළිදරව් කළ පුද්ගලයා ඔහුගේ ධූරයෙන් පහ කර හොර කණ්ඩායම රැක ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (28) අවධාරණය කර සිටියේය.
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා ඇමති ධූරයෙන් පහ කරමින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලයට රතු එළියක් දල්වවමින් අනතුරු අඟවා සිටියේ, "හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ...හොරුන් අල්ලන්න තහනම්" යැයි ද, "Yes Sir-Yes Sir" කියමින් සිටිය හොත් යහතින් සිටිය හැකි බව යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දැන්වීම
හොරකමට විරුද්ධ වුණොත් ඒ ඕනෑම අයෙකුට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට සිදුවූ ආකාරයේ අකරතැබ්බියක් සිදු විය හැකි යැයි ද, මේ වන විට පාර්ලිමේන්තුවේ 225 ම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා ක්‍රීඩා ඇමති ධූරයෙන් පහ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා අවසානයේ පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දමා ඇති බවත් ඔහු මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණය දුන් තීන්දුව පවා ගණන් නොගන්නා අතර ඔහුව මෙහෙයවන අදිසි හස්තයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
තමා ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ක්‍රීඩා ඇමතිවරයා සමඟ එකතු වී ක්‍රිකට් තහංචිය ඉවත් කරන්න කටයුතු කළා විනා කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කිරීමට කටයුතු නොකළ බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා තමා හමුවීමට රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා පමණක් නොව වත්මන් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් පැමිණෙන බැවින් එම තර්කය මත ඔවුන්ද ධුරවලින් ඉවත් කළ යුතු බව ස කීය.
එසේම සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරුවෙන් නොව ජනතාවගේ ජන වරමෙන් බවත් එබැවින් කුමන්ත්‍රණ කිරීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නොමැති ජනාධිපතිවරයා විසින් ජනතා වරමින් පත්වූ මන්ත්‍රිවරයකු පන්නා දමා ඇති බවත් කියා සිටියේය.