සජිත් ශිරාල්වයි-මෛත්‍රීවයි-කීර්තිවයි එළවයි

සජිත්ට එරෙහිව පාඨලීව අපේක්ෂකයා කරන්න කුමන්ත්‍රණය කරලා රනිලුයි-මෛත්‍රීයි නයයි-මුගටියයි කළෙත් මේ තුන් කට්ටුවමයි රජ තුන් කට්ටුව අනාථයි (සුජිත් මංගල ද සිල්වා) සිය දේශපාලන අග්‍ර පුරෝහිතයන් ලෙස සිටී නීතීඥ…
සජිත්ට එරෙහිව පාඨලීව අපේක්ෂකයා කරන්න කුමන්ත්‍රණය කරලා
රනිලුයි-මෛත්‍රීයි නයයි-මුගටියයි කළෙත් මේ තුන් කට්ටුවමයි
රජ තුන් කට්ටුව අනාථයි
(සුජිත් මංගල ද සිල්වා)
සිය දේශපාලන අග්‍ර පුරෝහිතයන් ලෙස සිටී නීතීඥ ශිරාල් ලක්තිලක, නීතීඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් කපා දැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ තිදෙනා සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ ඔවුන් සමගි ජන බලවේගයේ සිටිමින් 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාට එරෙහිව පාඨලී චම්පික රණවක මහතා කරළියට ගෙන එන්න කුමන්ත්‍රණය කරන්නේ යැයි කියන සිද්ධිය මත ය.
මේ කියන සිද්ධිය සම්බන්ධයෙන් "lanka news week" ද කලක සිට තොරතුරු හෙළි දරව් කරමින් සිටී අතර, දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබෙන්නේ යහ පාලන ආණ්ඩුව බිඳ වැටීමට ද මොවුන් තිදෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කළ කුමන්ත්‍රණ බල පෑ බව ය.
නීතීඥ ශිරාල් ලක්තිලක, නීතීඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් සෑම අවස්ථාවකදී ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගතු කියමින් ඔහු උසි ගැන්වූ බව ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් චෝදනා කර සිටියහ.