අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්-ජලනි බලය බිඳින එජාප තවත් මෙහෙයුමක් එළියට

සජිත්-ජලනි බලය බිඳින එජාප තවත් මෙහෙයුමක් එළියට

රනිල්ගේ උපදෙස් මත රවී වැඩ අරඹලා සජිත්ගේ කණ්ඩායමක් එක්ක හොර රහසේ කතා කරලා (සුජිත් මංගල ද සිල්වා) මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග…

රනිල්ගේ උපදෙස් මත රවී වැඩ අරඹලා 

සජිත්ගේ කණ්ඩායමක් එක්ක හොර රහසේ කතා කරලා 

සජිත්-ජලනි බලය බිඳින එජාප තවත් මෙහෙයුමක් එළියට

(සුජිත් මංගල ද සිල්වා) 

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයන්  මහා මැතිවරණයට ඉදිරිපත් වන හිටපු  ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ කර ගැනීම සඳහා අලුත් වටයකින් සාකච්ඡා යළිත් ආරම්භ කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම පක්ෂයේ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරු සමගි ජන බලවේගයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමඟ බදාදා (10) යළිත් වතාවක් රහස් සාකච්ඡා වටයක්  පැවැත් වූහ.  

දැන්වීම

මහා මැතිවරණය පැවැත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව එම හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමග අදහස් හුවමාරු කර ගත් බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා "lankanewsweek" සමග පැවසී ය .

මහා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන්  ඡන්දය ඉල්ලන හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්ෂය ඒ ඒ දිස්ත්‍රික්කවල දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ද  ඉදිරියේ දී පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත්-ජලනි බලය බිඳින එජාප තවත් මෙහෙයුමක් එළියට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්-ජලනි බලය බිඳින එජාප තවත් මෙහෙයුමක් එළියට | Lanka Newsweek