සජිත් ජනපති කරන මාතලේ ඓතිහාසික රැළියට ජන ගඟක්

ප්‍රියාන් විජේරත්නගේ වැඩක් වෘත්තීයවේදීන් විශාල පිරිසක් නිශ්ශංක ක්‍රීඩාංගණයට බදාදා (30) 2.00 ට එන්න..! එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනකායක් එකට ඒකරාශී වන මහා ජන රැළිය…
ප්‍රියාන් විජේරත්නගේ වැඩක්
වෘත්තීයවේදීන් විශාල පිරිසක්
නිශ්ශංක ක්‍රීඩාංගණයට බදාදා (30) 2.00 ට එන්න..!
එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනකායක් එකට ඒකරාශී වන මහා ජන රැළිය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (30) සවස 2.00 ට අභිමානවත් ලෙස පැවැත්වේ.
"2020 නියත ජනපති-සජිත් ඔබ අමතයි" යන තේමාව යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ආසනයේ පිහිටි නිශ්ශංක ක්‍රීඩාංගණයේ පැවැත් වෙන මේ ජන රැළියේ විශේෂත්වය වන්නේ පොදු ජනාතවට සමගාමීව වෘත්තීයවේදීන් පෙරටු කොට ගත් පා වෙන ඡන්දදායකයින් විශාල පිරිසක් ද ඊට එක්වීට නියමිතව සිටීමය.
වෘත්තීයවේදීන් පෙරටු කොට ගත් උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් යුතු මේ පා වෙන ඡන්දදායකයින් මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරට එන්නේ දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගේ විශේෂ මැදිහත්වීම සහ ආරාධනය ඇතිවය.
ඒකාධිපතිත්වයට සදහටම වැට බඳිමින් දිනූ නිදහස රැක ගෙන දැයේ දු දරුවන් වෙනුවෙන් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟා රට ලෝකයට ගෙන යන්න සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මේ ඓතිහාසික ජන රැළිය සමග එකට එක්වන්නැයි දඹුල්ල එක්සත් ජතික පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා දේශපාලන පක්ෂ,ජාති සහ ආගම් භේදයෙන් තොරව සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
