සජිත් ජනපතියි-රනිල් අගමැතියි කරන යෝජනා මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති විය යුතු අතරට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් ක්‍රියා කළ යුතු…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති විය යුතු අතරට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් ක්‍රියා කළ යුතු යැයි එම පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඒකමතිකව සම්මත කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (03) උදැසන රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුව මේ යෝජනාව ඇතුළු විශේෂ යෝජනා 06ක් ඒකමතිකව සම්මත කරමින් එම පක්ෂයේ විජයග්‍රහණය තහවුරු කළේය.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවේදී සම්මත කෙරුණු "සජිත් ජනපති-රනිල් අගමැති" කරවන එම විශේෂ යෝජනා 06 මෙසේය.
