අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් ගුරු හිඟයේදී පෙරට පැමිණි සංවර්ධන නිලධාරීන් හමුවෙයි

සජිත් ගුරු හිඟයේදී පෙරට පැමිණි සංවර්ධන නිලධාරීන් හමුවෙයි

(අචින්ත මධුර) කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වූ අවදියේ මෙරට තුළ ගුරුවරුන්ගේ ද හිඟයක් පැවැති අතර එම සමයේ දී සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ රැකියාවට පැමිණ පසුව ගුරු හිඟය පියවා ගැනීමට යොදා ගැනුණු අභ්‍යාසලාභී…

(අචින්ත මධුර)

කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වූ අවදියේ මෙරට තුළ ගුරුවරුන්ගේ ද හිඟයක් පැවැති අතර එම සමයේ දී සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ රැකියාවට පැමිණ පසුව ගුරු හිඟය පියවා ගැනීමට යොදා ගැනුණු අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරීන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමු වී සිය ගැටළු ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.

සෙනසුරාදා (06), විපක්ෂ නායක කාර්යාලයේ ක්‍රියාත්මක පුරවැසි හඬ (Citizens’ Voice) වැඩසටහන යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුවූ  සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන්, වර්තමාන ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස ඔවුන්ව ගුරු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව එතුමා සමග සාකච්චා කරනු ලැබීය. 

කොවිඩ් 19 වසංගතය සමග පැවති අසීරු අවස්ථාවේදී  41 ලක්ෂයක් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කර ගෙන යාමට සුවිශාල සේවාවක් ඉටු කිරීම සම්බන්දයෙන් අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරීන්ට, රට වෙනුවෙන් සිය ස්තුතිය පල කළ විපක්ෂ නායක වරයා වසර 5කට වැඩි කාලයක් ගුරු හිඟය පියවමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් මේ පිරිස ගුරු සේවයට අනියුක්ත කරන බවට වත්මන් රජය පසු ගිය ජනාධිපති සහ මහා මැතිවරණ වේදිකාවල පුන පුනා පැවසුවත් ඒ සියල්ල අද කඩවුණු පොරොන්දු බවට පත් වී තිබීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන ලදී. එබැවින් ඔවුන් නැවතත් ගුරු සේවයට අනියුක්ත  කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂ නායක වරයා ඒ වෙනුවෙන් විපක්ෂයට සිදු කළ හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම සිදු කිරීමට තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරන බවට ඔවුන්ට පොරොන්දු විය.

මෙලෙස ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් සෑම ජන කොට්ඨාසයක්ම රැවටීමට ලක් කිරීම පිළිකුල් සහගත ලෙස හෙලා දකින බවද පැමිණ සිටි පිරිස හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකශ කරන ලදී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් ගුරු හිඟයේදී පෙරට පැමිණි සංවර්ධන නිලධාරීන් හමුවෙයි | Lanka Newsweek