සජිත් කෙතරම් ගැඹුරු නායකයෙකු ද කියා තමා තේරුම් ගත් බව සේපාල් කියයි

රනිල් වෙනුවෙන් සජිත් පෙරට අධිකරණ තීන්දුව සුදා කලින්ම කිව්වේ කෙසේ ද..? හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ ජනමාධ්‍ය හමුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය හරහා…
රනිල් වෙනුවෙන් සජිත් පෙරට
අධිකරණ තීන්දුව සුදා කලින්ම කිව්වේ කෙසේ ද..?
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ ජනමාධ්‍ය හමුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය හරහා ඔහු කෙතරම් ගැඹුරු සහ කුමන ආකාරයේ නායකයෙක්ද කියා තමා තේරුම් ගත් බව ප්‍රවීන "YouTube" මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා අවධාරණය කර සිටියි.
පාපෝච්චාරණයක් කරමින් සේපාල් අමරසිංහ මහතා පෙන්වා දුන්නේ තමා අතීතයේදී සජිත් ප්‍රේමදාස මහතා නිර්දය ලෙස විවේචනය කළ අයකු වුවත් අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර ඔහු රටේ නායකයා කිරීමට මතවාදීව ඉදිරියේ දී ක්‍රියා කරන බවය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ ජනමාධ්‍ය හමුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මෙසේය.
"රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වන පදනම් ගණනාවක් තිබෙනවා. එකක් තමයි නීතියේ ආධිපත්‍ය.යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය. ඒ ගැන රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් සිදු වෙද්දී උත්තරීතර නීතියේ සඳහන් නොවන තෙවන පාර්ශ්වයකට නොඑසේ නම් සමාජ මාධ්‍ය ජාලයකට හෝ කිසිවෙකුට එහි අවසන් ප්‍රතිඵලය ගැන පුරෝකථනය කිරීමට හැකියාවක් නැහැ. නමුත් එක්තරා සමාජ මාධ්‍යකරුවෙකු මේ ගැන නිත්‍ය අනාවැකියක් පළ කළා. ඒ තීන්දුව ගැන පුරෝකථනය කළා. මේ තත්ත්වය ඉතාම භයානකයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් රටේ ජනතාව මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාස කළ යුතු අතර ඊට ගෞරව කළ යුතුයි. එසේ තිබිය දී සමාජ මාධ්‍යකරුවෙකු එම තීන්දුව කලින්ම ප්‍රකාශ කිරීම සැකයට තුඩු දෙන බරපතළ තත්ත්වයක් වන අතර එම ක්‍රියාව අධිකරණයට කළ අපහසයක් බව කිව යුතුයි."