අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් කළේ බුද්ධ පූජාව හොරා කෑවා වගේ වැඩක් -සංඝ රත්නය-

මධ්‍යම සංස්කෘතිය කොල්ල කෑ පාපතරයින් අත්අඩංගුවට ගනු ජනාධිපතිවරණය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කර ගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා…

මධ්‍යම සංස්කෘතිය කොල්ල කෑ පාපතරයින් අත්අඩංගුවට ගනු  

ජනාධිපතිවරණය සමයේ  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කර ගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම නිසි පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට මහා සංඝ රත්නය සහ සිවිල් සංවිධාන තීරණය කර තිබේ .

ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධාගමික ස්ථාන සේම පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනුවෙන් ලැබුණු මෙම මුදල් වියදම් කළ යුත්තේ එම පූජනීය ස්ථානවල දියුණුවටම විනා මැතිවරණ ජයග්‍රහණය කිරීමට හෝ සිය පෞද්ගලික පරිහරණයකට නොවන හෙයින් මේ මුදල් සොරා  ගැනීමේ නිර්ලජ්ජිත කාර්යයෙහි නිරත වූ පුද්ගලයා කවරෙක්දැයි වහාම සිංහල බෞද්ධයන් දැන ගත යුතුව ඇතැයි කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියෝ පැවසූහ .

සංස්කෘතික අරමුදල සතු රුපියල් කෝටි 1100ක් වංචා කිරීම යනු බැඳුම්කර වංචාව හා සමාන පාඩුවක් රජයට සිදු කිරීමක් බව පෙන්වා දුන් අඹන්වල ඥානාලෝක හිමියෝ බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 12 ක් මහ බැංකුවේ රඳවා ගෙන සිටින නමුත් සංස්කෘතික අරමුදලට සිදුවූ පාඩුව පියවා ගන්නේ කොහෙන්දැයි වහා සොයා බලා වැරදිකරුවන් සිර අඩස්සියට ගත යුතුව ඇතැයි දඅවධාරණය කළහ.

දැන්වීම

සංස්කෘතික අරමුදලෙන් මුදල් සොරා ගැනීම බුද්ධ පූජාව සොරා කෑම වැනි ක්‍රියාවක් බව පැවසූ අඹන්වල ඥානාලෝක හිමියෝ සිංහල බෞද්ධ නායකයන් යැයි සමාජයට ඒත්තු ගන්වන පුද්ගලයන්ගේ සැබෑ නිරුවත මෙම වංචාවේ අගමුල සමඟ රටට හෙළිදරව් වනු ඇතැයි ද පැවසූහ .

මූල්‍ය ආයතනවලින් මුදල් වංචා කිරීම් ගැන ඉතිහාසයේ කොතෙක් අසන්නට ලැබුණ ද සිංහල බෞද්ධ පදනමක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක පිං කැටයක් කැඩීම වැනි සිද්ධියක් හැරුණු කළ පූජනීය අරමුදලකින් මෙවැනි දැවැන්ත වංචාවක් කිරීමේ සිද්ධියක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මේ සිද්ධිය බවද අඹන්වල ඥානාලෝක නා හිමියෝ වැඩි දුරටත් අවධාරණය කළහ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් කළේ බුද්ධ පූජාව හොරා කෑවා වගේ වැඩක් -සංඝ රත්නය- | Lanka Newsweek