සජිත් එජාපය කැඩුවොත් ඊට එරෙහිව කරූ කරළියට..?

එජාපයේ ඉරණම තීන්දු කිරීමේ බලය නායකත්ව මණ්ඩලයකට (සුජිත් මංගල ද සිල්වා) විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ "හදවත" ලකුණින් මහ…
එජාපයේ ඉරණම තීන්දු කිරීමේ බලය නායකත්ව මණ්ඩලයකට
(සුජිත් මංගල ද සිල්වා)
විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ "හදවත" ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වුණොත් එක්සත් ජාතික පෙරමුණේ මහ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබා දෙමින් එම මැතිවරණය මෙහෙයවීමේ බලය කතා නායක කරු ජයසූරිය මහතා වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
එසේ වුණොත් කරු ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ පූර්ණ බලැති නායකත්ව මණ්ඩලයක් පිහිටුවා මහ මැතිවරණය මෙහෙයවීමේ බලතල පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පූර්ණ බලය ද ඊට ලබා දෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග පැවසීය.මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කතා නායක කරු ජයසූරිය යන මහත්වරුන් මේ වන විටත් පොදු එකඟතාවයකට පැමිණ සිටින බව ද ඔහු සඳහන් කළේය.
කතා නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටු වන නායකත්ව මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට ද නියමිතය.