සජිත් අන්තරේ හමුවෙයි

(හේමන්ත තුසිත කුමාර) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් අඟහරුවාදා(13) විපක්ෂ නායක කාර්යාලයේ…
(හේමන්ත තුසිත කුමාර)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් අඟහරුවාදා(13) විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණ .
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සිය පක්ෂයේ තිරසාර ප්‍රතිපත්තිය බවත්, එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවත් විපක්ෂ නායකතුමා එහිදී පවසා ඇත.යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මගින් අධ්‍යාපනයට සිදුවන අනතුර පිළිබඳව මෙන්ම යෝජිත පනත පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී ඇත.
එමෙන්ම අඟහරුවාදා(13) "ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු - මානව නිදහස සුරකිනු" මැයෙන් සමගි ජන බලවේගය විසින් කඩවත ප්‍රදේශයේ දී නිහඬ විරෝධතාවක් පවත්වා ඇත. එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ අධ්‍යාපනය කබලෙන් ලිපට වැටී ගුරුවරුන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සිසු පිරිසක් ද බලවත් අසාධාරණයකට ලක්ව සිටින බවය.
දැන්වීම

පොහොර ප්‍රශ්නය උග්‍ර වී ඇති අතර, කොරොනා ව්‍යසනය දිනෙන් දින රට අගාධයකට රැගෙන යමින් තිබේ. බඩු මිලට විසදුම් නැති අතර තෙල් මිලට විසදුම්ද ජනතාවට සහන පැකේජයක් ද නැත.ජනතා අපේක්ෂාවන් සුණු විසුණු වී ඇති අතර ආණ්ඩුව කොරෝනාවට මුවාවී මේ රටේ පුරවැසියන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.