අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත්

සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත්

කොළඹ සියලු සංවිධායකයින් එක්ක රවී කරුණානායක 30,000ක් ගෙන්වලා රනිල්-සජිත්-රවී ජයග්‍රහණයක් (සුජිත් මංගල ද සිල්වා) කොළඹ ගාලු මුවදොර පිටියේ බ්‍රහස්පතින්දා (10) සවස පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති…

කොළඹ සියලු සංවිධායකයින් එක්ක රවී කරුණානායක 30,000ක් ගෙන්වලා 

රනිල්-සජිත්-රවී ජයග්‍රහණයක්

සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත්

(සුජිත් මංගල ද සිල්වා)

කොළඹ  ගාලු මුවදොර පිටියේ බ්‍රහස්පතින්දා (10) සවස පැවති  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැළියට  එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් සහභාගී වි ඇතැයි පොලිස් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.

කොළඹ ගාලු මුවදොර පිටියට ඇතුළු වීමට තිබෙන ප්‍රධාන දොරටු තුන්වන කොල්ලුපිටිය,කොම්පඤ්ඤ විදිය සහ කොටුව යන මාර්ග කපොලු හරහා මෙ ජන රැළියට සහභාගී වීම සඳහා ජනතාව රැගත් බස් රථ 3,000ක් බ්‍රහස්පතින්දා (10) දහවල් දොළහ වන විට කොළඹට ඇතුළු වූ බව පොලිස් බුද්ධි අංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසිය.

දැන්වීම

කෙසේ නමුත් අනුරාධපුර "සල්ගාදු" ක්‍රීඩා පිටියේ බදාදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැළියට සහභාගී වුයේ දොළොස්දහස් පන්සීයක  ජනකායක් පමණක් බව ද ඔහු  වැඩි දුරටත් පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරවමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා එම දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන් සමග එකට එක්ව තිස් දහසක ජනකායක් මේ මංගල ජනපතිවරණ රැළියට සහභාගී කරවා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත් | Lanka Newsweek