සජිත්ට එරෙහිව මහින්දයි-රනිලුයි එක්ක Deal කරන සජබයෝ මෙන්න

පිරිසක් පාඨලී එක්ක-තවත් කොටසක් සිවිල් ව්‍යාපාරයේ ෆීල්ඩ් මාර්ෂල් තනි ගමනක සජිත් එක්ක "බැහැ" කියන්නෝ පැටව් ගසති සජිත් ප්‍රේමදාස අනාථයි-සජබය සෝදාපාළු වෙයි ජලනි ප්‍රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා පිළිකුල් කෙරේ…
පිරිසක් පාඨලී එක්ක-තවත් කොටසක් සිවිල් ව්‍යාපාරයේ
ෆීල්ඩ් මාර්ෂල් තනි ගමනක
සජිත් එක්ක "බැහැ" කියන්නෝ පැටව් ගසති
සජිත් ප්‍රේමදාස අනාථයි-සජබය සෝදාපාළු වෙයි
ජලනි ප්‍රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා පිළිකුල් කෙරේ
"තොරතුර බොරු කළොත් "lankanesweek" වහනවා"

(සුජිත් මංගල ද සිල්වා)
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය, ඔහුගේ දර්ශනය, වැඩ පිළිවෙළ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුවේ අතිශය කලකිරීමට පත්ව සිටින එම පක්ෂයේ සහ ඊට අනුබද්ධිත දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් නම් වශයෙන් මෙසේය.
(01) පාඨලී චම්පික රණවක.
දැන්වීම
(02) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.
(03) හරීන් ප්‍රනාන්දු.
(04) දොස්තර රාජිත සේනාරත්න.
(05) තිස්ස අත්තනායක.
(06) මුජිබර් රහුමාන්.
(07) තුෂාර ඉඳුනිල්.
(08) ඉරාන් වික්‍රමරත්න.
(09) මනෝ ගනේෂන්.
(10) රාවුෆ් හකීම්.
(11) කබීර් හෂීම්.
(12) අශෝක් අබේසිංහ.
(13) රිෂාඩ් බදුර්දීන්.
(14) හේෂා විතානගේ.
(15) චමින්ද විජේසිරි.
(16) මනූෂ නානායක්කාර.
(17) පලනි දිගම්බරම්.
(18) මයන්ත දිසානායක.
(19) හර්ෂ ද සිල්වා.
මේ අතරින් කොටසක් නව දේශපාලන නායකත්වයක් සහ ආණ්ඩු විරෝධී ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි විශ්වාසය තබා ඒ වෙනුවෙන් ක්‍රියා කරමින් සහ මැදිහත් වෙමින් සිටින අතර තවත් පිරිසක් ආණ්ඩුව සමඟ කූට දේශපාලන ගනුදෙනුවක යෙදී සිටිති. පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ රහස් දේශපාලන ගනුදෙනුවක යෙදී සිටින අතර තවත් පිරිසක් පාඨලී චම්පික රණවක මහතා කෙරෙහි දැඩි විශ්වාසය පළ කරමින් සිටිති.
මාස ගණනාවක් මුළුල්ලේ විවිධ උපාය උපක්‍රම ඔස්සේ අතිශය රහසි ගතව සිදු කරනු ලැබූ අභ්‍යන්තර විමර්ශනයක් මගින් "lankanesweek" හෙළිදරව් කර ගත් මෙම තොරතුරු 100%ක් නිවැරදි වන බව තරයේ කියා සිටින අතර මේ තොරතුරු වැරදි බව විපක්ෂයේ දේශපාලන නායකයින් සාක්කි-සාධක ඇතිව ඔප්පු කළ හොත් "lankanesweek" වෙබ් අඩවිය වසා දමන බවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.
මේ මන්ත්‍රීවරුන් පිරිස අතරින් ජනාධිපතිවරයා-අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් සමඟ ද, සිවිල් සමාජ ව්‍යාපාරය සමඟ ද සිටින අය ඉදිරියේ දී ලැයිස්තු ගත කර හෙළිදරව් කිරීමට ද "lankanesweek" සැලසුම් කර තිබෙන බව සපථ කර සිටින්නෙමු.
මේ මන්ත්‍රීවරුන් මෙසේ කලකිරී ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය, ඔහුගේ දර්ශනය, වැඩ පිළිවෙළ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පමණක් නොව විශේෂයෙන් ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ඔහුගේ අතිජාත මිත්‍රයා වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්යෙනි.