අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා

සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා

සාකච්ඡා අවසානයේ සජිත් තනි වෙයි ද..? සජිත්ගේ කට්ටියට හදිසියේම රනිල් මතක්වීම ප්‍රශ්නයක්..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන "දුරකථනය" ලකුණුනින් යුතු සමගි…

සාකච්ඡා අවසානයේ සජිත් තනි වෙයි ද..?

සජිත්ගේ කට්ටියට හදිසියේම රනිල් මතක්වීම ප්‍රශ්නයක්..!

සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා

 (සුජිත් මංගල ද සිල්වා) 

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන "දුරකථනය" ලකුණුනින් යුතු සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.  

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් මේ පිරිස සමග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙසේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය, උපදෙස් සහ මඟ පෙන්වීම ඇතිවය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත එක්සත් ජාතික පක්ෂය සමග මෙසේ සාකච්ඡා කරන සමගි ජන බලවේගයේ පිරිසට හිටපු ඇමතිවරුන් 6 ක් සහ  මන්ත්‍රීවරු 9 ක් ඇතුළත් වෙති.

දැන්වීම

මහ මැතිවරණය කල් දැමීමත් සමග රටේ ජාතික දේශපාලනයේ උද්ගත වී තිබෙන නව දේශපාලන තත්ත්වය, ඊට මුහුණ දිය යුතු ආකාරය, සහ COVID-19 වසංගත තත්ත්වය හමුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කර ගෙන යාම ඇතුළු කරුණු කාරණා පදනම් කර ගනිමින් මේ පිරිස එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටිති. 

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව මෙම පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා | Lanka Newsweek