අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක්..!

සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක්..!

සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (21) දිනයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදාදා (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…

සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (21) දිනයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදාදා (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේය.

මෙහිදී මාධ්‍ය සහ ජනතාව සියලු දෙනා මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත්තු වන බවත්, එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේය..

ආණ්ඩුවෙන් සිදුවූ නොයෙකුත් වැරදි සජිත් ප්‍රේමදාස මහතාගේ පිටින් ගිය බවට හොඳින් පැහැදිලිව පෙනෙන්නට  ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට වෙනස් දේශපාලන ගමනක් යාමට උත්සහ කරන අතර එය හොඳ තත්ත්වයක් බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක්..! | Lanka Newsweek