අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ රැස්වීමෙන් නවීන්ට අරන් දුන්න තැන මෙන්න..!

සජිත්ගේ රැස්වීමෙන් නවීන්ට අරන් දුන්න තැන මෙන්න..!

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇත. නවීන් දිසානායක ඇතුළු එජාප හිටපු මන්ත්‍රී…

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇත.

නවීන් දිසානායක ඇතුළු එජාප හිටපු මන්ත්‍රී වරුන් පිරිසක් සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මීට දින කිහිපයකට පෙර හමු වූ අතර ඉන් අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතනයෙන් නව වසරට සුභ පැතුම් එක් කරනු ලැබූ පසුබිමක මෙම නව තනතුර නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයාට ලබා දීම සජබ - එජාප එකතුව පිළිබඳව තව දුරටත් සුභවාදී තත්වයක් ගොඩ නගන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින  සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න