අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු

සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු

සජිත් ප්‍රසිද්ධියේ කියලා පව්...හර්ෂ හොඳටම කලකිරිලා..! ජනාධිපතිවරයා ලෙස තමාගේ නායකත්වයෙන් අනාගතයේ පිහිටු වන සමගි ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා යැයි විපක්ෂ නායක සජිත්…

සජිත් ප්‍රසිද්ධියේ කියලා 

පව්...හර්ෂ හොඳටම කලකිරිලා..!

සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු

ජනාධිපතිවරයා ලෙස තමාගේ නායකත්වයෙන් අනාගතයේ පිහිටු වන සමගි ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා තිබෙන්නේ, සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී වන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම අදහාගත නොහැකි ප්‍රකාශයෙන් ඔවුන් තුෂ්නිම්භූත වී තිබේ.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වන විට ලැව් ගින්නක් සේ සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පැතිර යන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම කුමන්ත්‍රණකාරී සහ දෙබිඩි දේශපාලන පිළිවෙත පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් සිටිති.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයත් සමග ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මුදල් ඇමති සිහිනය බොඳ වී ගොස් ඇති අතර අතිශය කලකිරීමට පත්ව ඇති ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමු වෙමින් සිය දුක කියන බව වාර්තා වේ.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු | Lanka Newsweek