අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරිඇල්ල මහනුවර බලමුළු ගන්වයි..!

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරිඇල්ල මහනුවර බලමුළු ගන්වයි..!

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් කටයුතු, මහනුවර දිස්ත්‍රික් නායක සහ සභා නායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර…

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් කටයුතු, මහනුවර දිස්ත්‍රික් නායක සහ සභා නායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර සිකුරාදා (27) පෙරවරුවේ ඔහු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මහනුවරින් ආරම්භ කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට සියලුම ආසන සංවිධායකවරුන් කැඳවා තිබූ අතර එහිදී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට ජය හිමි වන අයුරින් කටයුතු කරන ආකාරයත්, මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර ආසන සංවිධායකවරුන්ට ඇති ප්‍රශ්නවලට මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණ.

සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වන, එක්සත් ජාතික පක්‍ෂයට වාසි වැඩි අපරාජිත දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රසිද්ධ මහනුවර දිස්ත්‍රික්කය 2015 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීමට උර දුන් සියලු දෙනාට මෙහිදී සභානායකවරයාගේ විශේෂ ස්තුතිය හිමි වීය.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින්2015 ජනාධිපතිවරණයේදී වගේ කිසිවෙකුටත් සිය වගකීම්වලින් මඟ හැර සිටීමට නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සියලු වාද භේද ඉවත දමා එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යාම සඳහා සියලු දෙනාගේම සහාය ලබා ගන්නා ලෙසද, ඉදිරි ජනාධිපතිවරණය පෙරමුණක් ලෙස තරඟ  කිරිමට තීරණය  කර ඇති බැවින් ඒ සදහා සූදානම් වන ලෙස ද වැඩි දුරටත් සඳහන්පැ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරිඇල්ල මහනුවර බලමුළු ගන්වයි..! | Lanka Newsweek