අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගෙයි-ඩඩ්ලිගෙයි රහස් හමුව මාට්ටු..!

සජිත්ගෙයි-ඩඩ්ලිගෙයි රහස් හමුව මාට්ටු..!

කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ හමුවෙලා දිගු සාකච්ඡාවක් කරලා..! (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු සුප්‍රසිද්ධ…

කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ හමුවෙලා දිගු සාකච්ඡාවක් කරලා..!

(සුමුදු පෙරේරා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේදී අඟහරුවාදා (10) දහවල් 11.00ට පමණ සිදුව තිබේ. 

මේ හමුව සඳහා තෙවැනි විශේෂ පාර්ශවයක් ද සහභාගී වී ඇති අතර  සජිත් ප්‍රේමදාස සහ ඩඩ්ලි සිරිසේන යන ,මහත්වරුන් ද එම තෙවැනි පාර්ශව ද දීර්ඝ සාකච්ඡාවක් කර ඇතත් එම සාකච්ඡාව පිළිබඳ තොරතුරු "lankanewsweek" වෙත මෙතෙක් අනාවරණය වී නොමැත.    

ජනාධිපතිවරයාගේ සොහොයුරු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ මොහොතේ දේශපාලනික සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනධිපති අපේක්ෂක  හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වන අතර ඔහු වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා මිට දින කිහිපයකට ඉහත දී සිය නිවසේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගෙයි-ඩඩ්ලිගෙයි රහස් හමුව මාට්ටු..! | Lanka Newsweek