අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි..!

සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි..!

තව එක වතාවක් ජනපතිවරණයකින් පැරදුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් කියලා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගියොත් තමා පක්ෂයේ නායකත්වය ගන්නා බව ජලනි…

තව එක වතාවක් ජනපතිවරණයකින් පැරදුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් කියලා 

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගියොත් තමා පක්ෂයේ නායකත්වය ගන්නා බව ජලනි ප්‍රේමදාස මහත්මිය පවසා තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මිය මේ බව පවසා තිබෙන්නේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග වන අතර ජලනි ප්‍රේමදාස මහත්මිය හිරුනීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග වැඩි දුරටත් කියා තිබෙන්නේ, තව එක වතාවක් ජනාධිපතිවරණයෙන් පරාජය වුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා කියන බවය.

සජිත් ප්‍රේමදාස මහතා එසේ ක්‍රියා කරමින් දේශපාලනයෙන් සමු ගත්තත් තමා සමගි ජන බලවේගය අත නොහරින අතර එහි නායකත්වය ගෙන ක්‍රියාකාරී දේශපාලනයට තමා අවතීරණය වීමට සූදානමින් සිටින බව ද ජලනි ප්‍රේමදාස මහත්මිය වැඩි දුරටත් පවසා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි..! | Lanka Newsweek